← BACKCrime

ප්‍රසිද්ධ නවසීලන්ත රේඩියෝ නිවේදිකාවගේ රූප භාවිතා කරමින් කළ හොර ව්‍යාපරයක් කොටුවෙයි! ඔබත් මේ වංචාවට අහුවෙලාද?

BY DhanushPUBLISHED MARCH 30, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ප්‍රසිද්ධ රේඩියෝ නිවේදිකාවක් වන Toni Street ගේ රූප වෙනස් කරමින් (doctored images) බර අඩු කරන පෙති සහ නිෂ්පාදන විකිණීමට උත්සාහ කරන අන්තර්ජාල වංචාවක් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඇය මෙම දැන්වීම් පිළිබඳව පැවසුවේ,
👉 “එය සම්පූර්ණයෙන්ම වංචාවක් (fake)” බවත්,
👉 තමන් කිසිඳු ආකාරයකින් එවැනි නිෂ්පාදන ප්‍රචාරය නොකරන බවත්ය.

📸 වෙනස් කළ රූප සහ බොරු දැන්වීම්….

මෙම වංචාව සිදුකරන්නේ සමාජ මාධ්‍ය හරහා වන අතර, Toni Streetගේ රූප Photoshop/AI මගින් වෙනස් කර
ඇය බර අඩු කරගත් බව පෙන්වමින් “quick weight loss” නමින් නිෂ්පාදන ප්‍රචාරය කර ඇත.

මෙම දැන්වීම්වලින් ඇය එම ඖෂධ භාවිතා කර ප්‍රතිලාභ ලබාගත් බවට අසත්‍ය ප්‍රකාශද එක්කර ඇත. ඇය පැවසුවේ, මෙම පිලිබදව තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

⚠️ ජනතාවට අනතුරු ඇඟවීමක්….

Toni Street ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියේ,

👉 “මෙවැනි නිෂ්පාදන මිලදී නොගන්න”
👉 “මේවා වංචනික දැන්වීම්” යනුවෙනි.

ඇය පෙන්වා දෙන්නේ, මේ වංචාවන් බර අඩු කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ගේ දුර්වලතා යොදාගෙන ඔවුන් මුදල් කොල්ලකන බවයි. සමහර අවස්ථාවල, මෙම වංචාවට ලක්වූ පුද්ගලයන් මුදල් අහිමි කරගෙන ඇති බවද වාර්තා වේ.

💸 වංචාවෙන් මුදල් අහිමි වූ සිදුවීම්…

ඉතා කණගාටුදායක ලෙස,
👉 එක් කාන්තාවක් මෙම වංචාවට හසුවී ඩොලර් 1000කට ආසන්න මුදලක් අහිමි කරගෙන ඇති බව වාර්තා වී ඇත.

මෙය මෙම වංචාව කෙතරම් භයානකද යන්න පෙන්වන එක උදාහරණයක් පමණි.

🔁 මීට පෙරත් සිදුවූ සිදුවීම්…

මෙය Toni Street මෙවැනි සිදුවීමකට මුහුණදුන් පළමු වතාව නොවේ. මීට පෙරද ඇගේ රූප භාවිතා කර “keto gummies” වැනි නිෂ්පාදන විකිණීමට උත්සාහ කර ඇත.

එමෙන්ම, වෙනත් නවසීලන්ත ප්‍රසිද්ධ පුද්ගලයින්ද මෙවැනි fake ads සහ online scams වලට ගොදුරු වී ඇත.

🌐 සමාජ මාධ්‍ය වංචා අවදානම වැඩි වී ඇත….

බොහෝ සිදුවීම් පෙන්වා දෙන්නේ,
👉 AI සහ digital tools භාවිතයෙන් මෙවැනි වංචා වඩාත් සත්‍ය ලෙස පෙනෙන ආකාරයට නිර්මාණය කරන බවයි. එම නිසා, සාමාන්‍ය ජනතාවට සත්‍ය අසත්‍ය අතර ඇති වෙනස හඳුනාගැනීම අපහසු වෙමින් පවතී.

ඔබත් මෙවැනි වංචනික online ව්‍යාපාර සදහා හසුනොවන්න. මිළදී ගැනීමට පෙර ඔවුන්ගේ ඉතිහාසය සහ customer reviews සොයා බලන්න. නිකරුනේ ඔබේ මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *