
ලොව පුරා දැඩි ලෙස කතාබහට ලක්වූ, නවසීලන්තයේ සිදුවූ අතිශය ආන්දෝලනාත්මක අපරාධයක ප්‍රධාන චරිතයක් වූ පෝලීන් පාකර් (Pauline Parker) වයස අවුරුදු 88 දී ස්කොට්ලන්තයේදී අභාවප්‍රාප්ත වී තිබේ. 1954 වසරේදී සිය සමීපතම යෙහෙළිය සමඟ එකතු වී අමානුෂික ලෙස තම මව ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු, ඇය පසුව හිලරි නේතන් (Hilary Nathan) යන නම වෙනස් කරගනිමින් ස්කොට්ලන්තයේ ඕක්නි (Orkney) දූපත් සමූහයේ හුදෙකලා ජීවිතයක් ගතකරමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. ප්
රකට සිනමා අධ්යක්ෂ ශ්‍රීමත් පීටර් ජැක්සන් (Sir Peter Jackson) විසින් 1994 වසරේදී නිර්මාණය කරන ලද Heavenly Creatures නමැති සුප්‍රකට චිත්‍රපටයට පාදක වූයේද මෙම සත්‍ය කතාවයි.
1954 ජූනි 22 වන දින නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි වික්ටෝරියා උද්‍යානයේදී, 16 හැවිරිදි පෝලීන් පාකර් සහ ඇගේ 15 හැවිරිදි මිතුරිය වූ ජුලියට් හල්ම් (Juliet Hulme) එක්ව, පෝලීන්ගේ 46 හැවිරිදි මව වූ හොනෝරා මේරි පාකර් (Honorah Mary Parker) ව ඝාතනය කරන ලදී. මේස් එකක් තුළ බහාලූ ගඩොල් කැටයකින් හිසට තිස් වතාවකට වඩා පහරදී මෙම තරුණියන් දෙදෙනා විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබුණේ, ඔවුන් දෙදෙනාගේ දැඩි මිතුදම නිසා ඔවුන්ව වෙන් කිරීමට මව උත්සාහ කරනු ඇතැයි යන බිය හේතුවෙනි. වයස අවුරුදු 18 ට අඩු නිසා මරණ දඬුවමෙන් බේරුණු මෙම දෙදෙනාට වසර පහක සිරදඬුවමක් හිමිවූ අතර, 1959 දී නිදහස් කිරීමෙන් පසු නැවත කිසිදිනෙක එකිනෙකා හමුනොවීමේ සහ නම් වෙනස් කරගැනීමේ කොන්දේසි මත ඔවුන් මුදාහැරිණි.
පසුව එක්සත් රාජධානියට ගිය පෝලීන් පාකර්, ළමා අශ්ව රථ පැදවීමේ පාසලක් පවත්වගෙන යමින් නිහඬ ජීවිතයක් ගත කළ අතර, තමා අතින් සිදුවූ වරද පිළිබඳව පසුව දැඩි ලෙස පසුතැවුණු බව පැවසේ. අනෙක් මිතුරිය වූ ජුලියට් හල්ම් ද ඈන් පේරි (Anne Perry) යන නමින් ප්‍රකට අපරාධ නවකතාකාරියක ලෙස සාර්ථක දිවියක් ගතකර 2023 අප්‍රේල් මාසයේදී මියගියාය. පෝලීන්ගේ මෙම අභාවයත් සමඟින්, දශක කිහිපයකට පෙර මුළු මහත් ලෝකයම තිගැස්මට ලක්කළ ඒ අඳුරු සත්‍ය කතාවේ අවසාන පරිච්ඡේදය ද මෙසේ නිමාවට පත් විය.

0 Comments