
නවසීලන්තයේ සුන්දර මුහුදු තීරයේ නගරයක් වන Kaikōura හි ජනතාව ඔවුන්ගේ රාත්‍රී අහස රැකගැනීමට විශාල උත්සාහයක් ආරම්භ කරල තියෙනවා.
2024 සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රදේශයට International Dark-Sky Association විසින් International Dark Sky Sanctuary ලෙස විශේෂ ගෞරවයක් ලබා දී තිබෙනවා.
මෙම තත්ත්වය ලබා ගැනීමෙන් අදහස් වන්නේ රාත්‍රී අහසේ තරු දැකගත හැකි ලෙසින් තබා ගැනීමට අතිරික්ත artificial lights (මනුෂ්‍ය නිර්මාණිත ආලෝකය) පාලනය කළ යුතු බවයි.
🌠 “Dark Sky” තත්ත්වය රැකගන්න අලුත් උත්සාහයක්…..
Kaikōura Dark Sky Trust සංවිධානය පසුගියදා Kaikōura District Council සමඟ සාකච්ඡා කරමින් වැදගත් මතයක් ඉදිරිපත් කළා.
ඔවුන් කියන්නේ:
👉 “Dark Sky” තත්ත්වය ලබාගැනීමෙන් පමණක් වැඩ අවසන් වෙන්නේ නැහැ.
👉 ඒ තත්ත්වය දිගටම රැකගන්න නිරන්තර උත්සාහයක් අවශ්‍යයි බවයි.
දැනට:
- කයිකෝවුරා දිස්ත්‍රික්කයේ 98%ක් Dark Sky Sanctuary තුළට ඇතුළත් වෙනවා.
- නමුත් ප්‍රධාන නගර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇතුළත් වී නැහැ.
- ඒ නිසා නගරයේ ආලෝක පද්ධති තවත් සංශෝධනය කළ යුතුයි.
💡 වෙනස් වන අලුත් ආලෝක නීති….
2024 දෙසැම්බර් සිට ක්‍රියාත්මක වූ Kaikōura District Plan යටතේ නව ආලෝක නීති හඳුන්වා දී තිබේ.
මෙහි ප්‍රධාන නීති කිහිපයක්:
- ආලෝකය පහලට පමණක් වැටෙන ලෙස සවි කළ යුතුයි. • ඉතා දීප්තිමත් හෝ නිල් පැහැති ලයිට් භාවිතා නොකළ යුතුයි. • අවශ්‍ය නැති බාහිර ලයිට් අඩු කළ යුතුයි. • shielded හෝ smart lighting systems භාවිතා කළ යුතුයි.
මෙම නීති වල අරමුණ වන්නේ Light Pollution (අහස ආලෝකයෙන් දූෂණය වීම) අඩු කිරීමයි.
🐦 එළිය නිසා පක්ශීන්ටත් තර්ජනයක්….
මෙම ව්‍යාපෘතියට තවත් වැදගත් හේතුවක් තිබෙනවා. එනම් වදවීමේ තර්ජනයට ලක්වූ පක්ෂියක් වන Hutton’s shearwater රැකගැනීමයි.
Hutton’s shearwater පක්ෂීන් රාත්‍රීයේදී දීප්තිමත් ලයිට් වලට ආකර්ෂණය වී ගොඩනැගිලි වල ගැටීමේ විශාල අවදානමක් තිබෙනවා. එම නිසා
👉 Artificial lights අඩු කිරීමෙන්
ඔවුන්ට ආරක්ෂිතව පියාසර කරන්න හැකි වෙනවා.
🌍 සංචාරක ව්‍යාපාරයටත් විශාල ලාභයක්…..
අඳුරු රාත්‍රී අහස නිසා කයිකෝවුරා දැන් ලෝකයේ ජනප්‍රිය තරු නිරීක්ෂණ මද්යස්ථානයක් වෙමින් පවතිනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ට පහත දේවල් මෙහිදී පැහැදිලිව දැකගත හැකියි.
- Milky Way • ග්‍රහයන් • සහ නක්ෂත්ර රටා
මෙම Dark Sky තත්ත්වය හේතුවෙන්:
- 🌿 ස්වභාවික පරිසරය ආරක්ෂා වීම
- 🔭 ජ්‍යෝතිර් විද්‍යා අධ්‍යයනයට උපකාරී වීම
- 💰 සංචාරක ආදායම වැඩි වීම
- ⚡ සහ විදුලි බලය ඉතිරි වීම
යන සියළු කාරණා එකවර සාර්ථක වෙනවා.
✨ මෙම තරු පිරුණු රාත්‍රී අහස රැකගැනීම පරිසරය, විද්‍යාව සහ සංචාරක ව්‍යාපාරය යන සියල්ලටම අතිශය වැදගත් පියවරක් වෙනවා.

0 Comments