← BACKEntertainment

සමහර ආදර කතා සදාකාලික නැහැ. නමුත් අවසානය සුන්දරයි.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

රිතික් සහ සුසෑන්ගේ අමුතු පවුලේ කතාව.

බොලිවුඩ් ලෝකයේ කාලයක් වැඩිම ආදරය ලැබුණු යුවලක් වූ Hrithik Roshan සහ Sussanne Khan ගැන අලුත්ම කතාවක් දැන් නැවතත් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තියෙනවා.

මෙවර ඒ ගැන කතා කළේ සුසෑන්ගේ සහෝදරයා වන Zayed Khan. ඔහු කියන දේ හරිම සරලයි… නමුත් ගැඹුරුයි 👇

💔 වෙන්වුනු ආදර කතාවක්….

රිතික් සහ සුසෑන් 2000 වසරේ විවාහ වෙලා, ආදරෙන් වසර 13ක් තිස්සෙ එකට ජීවත් වුණා. ඒත් 2013දී ඔවුන් වෙන් වෙන්න තීරණය කරනවා, 2014දී නීතිමය වෙන්වීමත් සිදු වෙනවා.

ඒකාලෙ මෙම සිදුවීම බොලිවුඩ් ලෝකයම කලබපු ආරංචියක් වුනත්

👉 ඒ වෙන්වීම ඇතුළෙ රිතික්ටවත්, සුසෑන්ටවත් එකිනෙකා ගැන කෝපයක් හෝ වෛරයක් තිබුණේ නැහැ.

🗣️ ඒක “එයාලගේ තීරණයක්” Zayed මේ ගැන දුන්න පිළිතුර…

Zayed khan මේ ගැන කතාකරද්දි කිව්වේ:

👉 “ඒක එයාලගේ තීරණයක්… වෙන්න තිබුණ දේ තමයි වෙලා තියෙන්නේ.”

ඔහු තවදුරටත් පැහැදිලි කළේ:

• පවුල සුසෑන්ගේ තීරණයට සම්පූර්ණ සහය දුන් බවත්

• ජීවිතේදී හැම ආදර කතාවක්ම අවසන් වෙන්නේ එකම විදිහට නොවෙන බවත්

• ඒ සම්බන්ධතාවය ගැන හැමෝටම තේරෙන්න ඕනේ නෑ කියන කතාවත්.

❤️ ඔවුන් දෙදෙනා වෙන්වුණත්, ඔවුන්ගේ සම්බන්ධය තවමත් තියෙනවා….

නීතියෙන් වෙන්වුණා කියලා ඔවුන් අතර තියෙන බැඳීම අතුරුදහන් වෙලා ගිහින් නැහැ.

✔️ ඔවුන් දෙදෙනාම තමන්ගේ පුතුන් දෙදෙනා එකතුවෙලා රැකබලා ගන්නවා.

✔️ උත්සව, නිවාඩු බොහෝ දේවල් එකම පවුලක් වගේම අදටත් සැමරෙනවා.

✔️ ඔවුන්ගේ වත්මන් ජීවිත සහකරුවනුත් මේ “නව පවුලේ” කොටසක්.

Zayed මෙය විස්තර කරන්නෙ:

👉 “මේක එක ‘modern family’ එකක්” කියලා.

🤝 වෙන්වුනාට පස්සෙත් ගෞරවය රකින්න…

මේක හරිම ලස්සන කතාවක්. බොලිවුඩ් වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන විවාහ වෙන්වීම්වලට වඩා,

මේ කතාව වෙනස් 👇

• ප්‍රසිද්ධ ගැටුම් නෑ

• එකිනෙකාට දෝෂරෝපණ නෑ

• නමුත් ගෞරවයෙන් පවුලක් විදියට ඉදිරියට යනවා

Zayed කියන විදිහට, රිතික් එක්ක ඔහුට තියෙන සම්බන්ධයත් වෙනස් වෙලා නැහැ.

🌟 අවසානයේ කියන්නේ….

සමහර ආදර කතා…

👉 සදාකාලික නැහැ.

👉 නමුත් ඒක නරක විදිහට අවසන් වෙන්න ඕනේ නැහැ.

Hrithik Roshan සහ Sussanne Khanගේ කතාවෙන් අපිට කියන්නේ ඒකයි.

✨ “ඒක ඔවුන්ගේ දෛවයේ ලියවෙලා තිබුනෙ නැහැ… නමුත් ඒක නරක අවසානයක් වුනෙත් නැහැ.”

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *