← BACKEntertainment

නත්තල් නිවාඩුවට ඕක්ලන්ඩ් යන අයට රජයේ තෑග්ග!

BY Dhanush•PUBLISHED OCTOBER 24, 2026•1 MIN READ•0 COMMENTS

නත්තල් උත්සව සමය වෙනුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් වරාය පරිශ්‍රය (Auckland Waterfront) ආකර්ෂණීය සංචාරක කලාපයක් බවට පත්කිරීමේ දැවැන්ත සැලසුමක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ඕක්ලන්ඩ් හි ක්වීන්ස් වෝෆ් (Queens Wharf) හි මීටර් 32 ක් උසැති දැවැන්ත කැරකෙන රෝදයක් (Ferris Wheel) ස්ථාපනය කිරීමට නගර සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. වෛතමාටා වරායේ (Waitematā Harbour) මනරම් දර්ශන නැරඹීමට අවස්ථාව සලසමින් ඉදිවන මෙම ආකර්ෂණීය විනෝදාංගය, මෙතෙක් මහජනතාවට තහනම් කලාප ලෙස පැවති මධ්‍යම වරාය තොටුපළවල් රැසක් ප්‍රථම වතාවට ජනතාවට විවෘත කිරීමේ පස් අවුරුදු දැවැන්ත සැලසුමක ප්‍රධාන පියවරකි.

මගීන් 144 දෙනෙකුට එකවර ගමන් කළ හැකි පරිදි පාලිත උෂ්ණත්ව පහසුකම් සහිත මැදිරි 24 කින් සමන්විත මෙම දැවැන්ත රෝදය, නත්තල් කාලයට පෙර ජනතා අයිතියට පැවරීමට නගර සභාව බලාපොරොත්තු වේ. ක්වීන්ස් වෝෆ්, කැප්ටන් කුක්, මාර්ස්ඩන් සහ හොබ්සන් වැනි තොටුපළ පරිශ්‍රයන් වාණිජමය භාවිතයෙන් ඉවත් කර, පදිකයින්ට නිදහසේ ගැවසීමට සහ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකි පොදු පරිශ්‍ර බවට පත්කිරීම මෙහි මූලික අරමුණයි.
අලුතින් ඉදිවූ ජාත්‍යන්තර කෲස් නෞකා පර්යන්තය ද අසල පිහිටා තිබීම නිසා මෙම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු සහ සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි නගර සැලසුම්කරුවෝ විශ්වාස කරති.

නගර සභාව සහ වරාය බලධාරීන් ඉදිරියේ දැනට පවතින මෙම යෝජනාවට අනුමැතිය හිමිවුවහොත්, උත්සව සමය වෙනුවෙන් ඕක්ලන්ඩ් නගරයට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට ද නවතම අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *