
නවසීලන්තයේ නෙල්සන් මහාධිකරණයේ පැවැති “medical child abuse” නඩුව සති හතක් පුරා පැවති විභාගයකින් පසු, Crown (රජයේ පාර්ශවය) සහ defence (විත්ති පාර්ශවය) යන දෙපාර්ශවම තමන්ගේ නඩු ඉදිරිපත් කිරීම අවසන් කර ඇත. දැන් නඩුව අවසන් අදියරට පැමිණ ඇති අතර, ඉදිරි නඩු විභාගයේදී අවසන් විනිශ්චය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
මෙම නඩුවේ විත්ති පාර්ශ්වය ලෙස පෙනී සිටින්නේ තම දරුවාට වෛද්‍ය ප්‍රතිකාර අතරතුර හිතාමතා හානි කළ බවට චෝදනා එල්ල වූ මවකි. ඇය දරුවාට අසාමාන්‍ය ලෙස හැසිරීම සහ සිතා මතා රෝග ආසාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කිහිපයකට මුහුණ දෙයි.
රජයේ පාර්ශවය නඩුවේදී පෙන්වා දුන්නේ, දරුවාට ඇතිවූ රෝග සහ ආසාදන හිතාමතාම වෛද්‍ය උපකරණ (feeding tubes, IV lines) වල මැදිහත්වීමෙන් හා මවගේ නොසැලිකිලිමත්කමින් සිදු වූවක් බවයි.
එහෙත් විත්තියේ පාර්ශවය කියා සිටියේ, මෙම සිද්ධිය දෙස සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් බැලිය යුතු බවයි. ඔවුන්ට අනුව, මෙම දරුවා ගැඹුරු සෞඛ්‍ය ගැටළු ඇති “medically fragile child” දරුවෙක් වන අතර, මව කළ සියළු දේ දරුවා බේරා ගැනීමට අදහසින් ගත් අසරණ උස්තසහයන් ලෙස පෙන්වාදෙයි.
නඩුව තුළදී සාක්ෂි ලෙස වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ පවුලේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් බොහෝ දෙනෙක් සාක්ෂි ලබා දී ඇත. රජයේ පාර්ශවයේ සාක්ෂිකරුවන් 50කට වැඩි පිරිසක් නඩුවේදී පෙනී සිට ඇති අතර, මේ හේතුවෙන් නඩුව දිගුකාලීන සහ සංකීර්ණ එකක් විය.
මෙම නඩුවේ විශේෂත්වයක් වන්නේ, දරුවාට වසර ගණනාවක් පුරා රෝහල් ප්‍රතිකාර ලබා දී තිබුණද, වෛද්‍යවරුන්ට ඒ රෝග තත්ත්වයේ නිශ්චිත හේතුව හඳුනාගැනීමට අපහසු වීමයි.
දරුවා මවගෙන් වෙන් කරගත් පසු, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වූ බවද නඩුවේදී සඳහන් වූ විශේෂ දෙයකි.
දැන් රජයේ සහ විත්තියේ දෙපාර්ශවම තමන්ගේ අවසන් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අතර, නඩුවේ අවසන් තීරණය ලබාදීම සඳහා විනිසුරුගේ සහ ජූරියේ අවධානය යොමු වී ඇත.
මෙම නඩුව නවසීලන්තයේ නීතිමය ඉතිහාසයේ විශේෂ අවධානයක් දිනාගත් සිද්ධියක් වන අතර, වෛද්‍ය ප්‍රතිකාර හා දෙමාපිය වගකීම් සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රශ්න මතු කරයි.

0 Comments