
Nicola Willis නවසීලන්ත මුදල් අමාත්‍යවරිය ඇමෙරිකාව සහ ඉරානය අතර උද්ගත වෙමින් පවතින ආතතිය පිළිබඳව පසුගියදා ඇගේ පෞද්ගලික අදහස දැක්වූවාය. ඇය “එක් රටක පාලනයක් විසින් ගනු ලබන තීරණ මත, මෙතරම් විශාල බලපෑමක් ඇතිවීම මම කවදාවත් අතිවිදල නැහැ” යනුවෙන් ප්‍රකාශ කර තිබේ. ඇය වැඩිදුරටත් අදහස් කරන්නේ මෙම ගෝලීය අර්බුදය නවසීලන්ත වැනි කුඩා රටවල් සඳහා දැඩි ආර්ථික බලපෑම් ඇති කරන බවයි.
United States සහ Iran අතර ඇතිවෙන ආතතිය ලෝක වෙළඳපොළට, විශේෂයෙන් ඉන්ධන මිලට, සෘජුවම බලපාමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් නවසීලන්තය වැනි රටවල් විදේශීය තීරණ මත වැඩි වශයෙන් රඳා සිටින බව විලිස්ගේ අදහසයි.
මෙම අර්බුදය හේතුවෙන් ලෝක තෙල් සැපයුම් මාර්ග වල බාධා ඇතිවීම නිසා ඉන්ධන මිල ඉහළ යමින් පවතී. නවසීලන්තය ආනයනික ඉන්ධන මත විශාල වශයෙන් රඳා සිටින බැවින්, මෙම මිල ඉහළ යාම ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුවම බලපායි.
විලිස් පෙන්වා දෙන්නේ, මෙම අර්බුදය පාලනය කිරීම නවසීලන්තයට හැකි දෙයක් නොවන බවයි. විශාල බලවතුන් විසින් ගන්නා තීරණ කුඩා රටවල ආර්ථිකය සෘජුවම බලපාන “කනගාටුදායක යථාර්ථයක්” ලෙස ඇය මෙම තත්වය විස්තර කරයි.
නවසීලන්ත රජය සියලු පාර්ශවයන්ට ආරක්ෂිත සහ සාමකාමී විසඳුම් සෙවීමට, කාලෝචිතව සාකච්ඡා මාර්ග භාවිතා කිරීමට ඉල්ලීමක් කර ඇත. එමෙන්ම ගෝලීය ආර්ථික ස්ථායීතාවය රැක ගැනීමට මෙය අත්‍යවශ්‍ය බවද අවධාරණය කරයි.
මෙම ප්‍රකාශය නවසීලන්තය වැනි කුඩා රටවල් ගෝලීය දේශපාලන තත්ත්වයන්ට කෙතරම් සංවේදීද යන්න පැහැදිලි කරයි. ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදය දිගු වුවහොත්, එය නවසීලන්තයේ ආර්ථිකයට සහ ජන ජීවිතයට තවදුරටත් බලපාන අවදානමක් පවතී.

0 Comments