
සෑම වසරකම අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් බොහෝ දෙනා ජීවිත අහිමි කරගන්නේ ස්වාභාවික අනතුරු නිසාම නොවේ. කුණාටු සහ වැසි තත්ත්වයන් වලදී වැරදි ලෙස විදුලි උපකරණ භාවිතා කිරීමත් ජීවිත අහිමිවීමට විශාල වශයෙන් බලපානවා. නමුත් මෙවැනි අනතුරු අපට බොහෝවිට වළක්වාගත හැකි අනතුරු නේද?
තද වැසි සහ අකුණු ඇතිවන විට, අපේ නිවස ඇතුළතම අපිට නොපෙනෙන අවදානම් ස්ථානයක් බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා නිවසේ විදුලිය භාවිතා කරන විට වෙනදාට වඩා සැලකිලිමත් වීම ඉතාම වැදගත්. අපි ඒ ගැන පියවරෙන් පියවර දැනගනිමු.
⚡ වැසි සමයේ විදුලිය වැඩි අවදානමක් ඇතිකරන්නෙ ඇයි?
අපි හැමෝම දන්න විදියට ජලය විදුලි සන්නායකයක් ලෙස ක්‍රියාකරනවා. මේ නිසා වැසි ජලය බිත්ති තුළට, බිමට, හෝ පිටත වයර්වලට ඇතුළුවීමෙන්, විදුලි ධාරාව අනපේක්ෂිත ස්ථානවලටත් පැතිරෙන්න පුළුවන්.
වියළි කාලයේ ගැටළුවක් නොවූ කුඩා පළුදුවීම්, කඩතොළු වූ වයර්, හෝ කැඩුණු socket වැනි දේවල්, වැසි සමයේදී ජීවිතයට බොහෝ අන්තුරු රැගෙන එන්න පුළුවන්.
ඊට අමතරව අකුණු ගැසීමත් විශාල අවදානමක්. අසල ඇති අකුණු පහරක් මගින්, තත්පරයකටත් වඩා අඩු කාලයකදී විදුලි ධාරාවක් ඔබේ නිවසට ඇතුල්වෙන්න පුළුවන්. මෙය:
• විද්‍යුත් උපකරණ විනාශ කරන.
• ගිනි ගැනීම් ඇති කරන
• විදුලි කම්පනයෙන් ජීවිතයට පවා අනතුරු ඇතිකරන අවධානම් තත්වයක් ඇතිකළ හැකියි.
🔌 ඔබ කුණාටුවට පෙර කළ යුතු දේවල් මොනවාද?
කුණාටුවට පෙර ඔබත් මේ දේවල් කිරීමට වගබලාගන්න.
• පිටත ඇති plug, extension cord ඉවත් කරන්න
• main switchboard හොඳින් වැඩ කරනවාද බලන්න
• TV, computer, fridge වැනි උපකරණ surge protector එකකට සම්බන්ධ කරන්න
• iron, oven, water heater වැනි උපකරණ off කර unplug කරන්න
• phone සහ laptop charger භාවිතා නොවන විට ඉවත් කරන්න.
⚠️ කුණාටුව අතරතුර ඔබ නොකළ යුතු දේවල් මොනවාද?
• 📞 wire සහිත දුරකථන භාවිතා කරන්න එපා.
• 💧 තෙත් අත් වලින් switch හෝ socket අල්ලන්න එපා
• ⚡අකුණු ඇති වෙලාවට fuse box ළඟ යන්න එපා.
• 🚫 තෙත් බිමක සිටගෙන electrical items භාවිතා කරන්න එපා.
• 🔌 TV, computer, router unplug කරන්න
• ⚠️ වැටුණු විදුලි රැහැන් වලට ළඟා නොවන්න
• ☠️ generator නිවස ඇතුළත තබා භාවිතා නොකරන්න👶👵 නිවසේ සිටින දරුවන් සහ වැඩිහිටියන් පිළිබද විශේෂ අවධානයකින් පසුවන්න…
👉🏻දරුවන්ට මේ අවදානම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා:
• plugged-in devices වලින් ඔවුන් ඈත්කර තබන්න
• කවුළු අසලට යාමට ඉඩ ලබා නොදෙන්න
👉🏻වැඩිහිටියන්ද විශේෂයෙන් bathroom වැනි තෙත් ස්ථානවලින් ඈත්කර තබන්න.
🌧️ කුණාටුව පහව ගිය පසු ඔබ කළ යුතු දේවල් මොනවාද?
• වහාම සියල්ල යථා තත්වයට පත් කරන්න යන්න එපා.
• socket, wiring, බිම ආසන්නයේ ජලය ඇත්දැයි හොදින් බලන්න.
• සැකයක් තිබේ නම් electrician කෙනෙක්ට කතා කරන්න.
• උපකරණ පිටතින් හොඳින් පෙනුනත් ඇතුළතින් හානි වී තිබිය හැකියි. ඒ නිසා ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.විදුලිය නැවත් පැමිණි විට:
• උපකරණ සියල්ල එකවර on කරන්න එපා.
• ටිකෙන් ටික උපකරණ විදුලියට සම්බන්ධ කිරීමට වගබලාගන්න.
✅ මෙවැනි අවස්ථාවක ඔබ මතක තබාගත යුතු සරල නීතිය වන්නේ….
“සැකයක් තිබේ නම් — වහාම unplug කරන්න.”
තත්පර කිහිපයක් ඇතුළත plug එක ඉවත් කිරීමෙන්,
🔥 ගින්නක්, ⚡ විදුලි කම්පනයක්, හෝ 😔 විශාල අනතුරක් වළක්වා ගත හැක.
කුණාටුව පහව යයි. නමුත් අපේ නොසැලකිල්ලෙන් ඇතිවන හානි නැවත යතා තත්වයට පත් නොවෙන්න පුළුවන්.
එබැවින්, ඔබේ නිවසේ විදුලි උපකරණ ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ඒ සදහා අවශ්‍ය නිසි උපදෙස් පිළිපදින්න.
📢 මෙය මහජන පොදු ආරක්ෂාව සඳහා සකස් කළ ලිපියකි.
🔁 ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න · 📚 දැනුවත් වන්න · 🛑 ආරක්ෂිතව සිටින්න

0 Comments