← BACKUncategorized

වැඩිහිටියන් බලන්න නෑගම් යන මේ අවුරුදු කාලේ නවසීලන්තයේ වැඩිහිටියන් ගැන ඇහෙන කතාව.

BY Dhanush•PUBLISHED APRIL 13, 2026•1 MIN READ•0 COMMENTS

වැඩිහිටියන් කියන්නෙ අපේ පවුල් වල මුදුන් මුල්. ඉතින් අවුරුදු කාලේ කියන්නෙ විශේෂයෙන් අපේ වැඩිහිටියන් දකින්න මහ ගෙදරට නෑගම් යන ඔවුන්ට පුද සත්කාර කරන, පවුලේ සමගිය හා එකමුතුකම නැවත අලුත්වෙන සුවිශේෂී කාලයක්.මේ අතරතුරේ RNZ වාර්තාකර තිබුණු ලිපියකින් නවසීලන්ත වැඩිහිටියන්ගේ ජීවිතය පවුල එක්ක බැදිල තියන විදිය ගැන ලියවෙලා තිබුනා.

අද කාලයේ බොහෝ දෙමාපියන් රැකියාවල නියැලී සිටින නිසා, දරුවන් රැකබලා ගැනීමේ ප්‍රධාන වගකීම සීයා සහ ආච්චී වෙත පැවරෙමින් තිබෙනවා. නව වාර්තා අනුව, බොහෝ පවුල්වල “go-to childcare” ලෙස සීයා ආච්චී තෝරාගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.

මෙම භූමිකාව පාළුවෙන් කාන්සියෙන් සිටින සීයා-ආච්චිලාට විශාල සතුටක් ගෙන දෙනවා. ඔවුන්ට තම මුනුබුරු මිනිබිරියන් සමඟ කාලය ගත කිරීමෙන් ලැබෙන ආදරය සෙනෙහස පවුලේ එකමුතුව තවත් ශක්තිමත් කරන බවට ඔවුන් අදහස් දක්වනවා. මේ නිසා කුඩා දරුවන්ට තම ජීවන අත්දැකීම්, සම්ප්‍රදායන් හා ගුණ යහපත්කම් හා හොද පුරුදු ඉගැන්වීමටත් ඔවුන්ට අවස්ථාව හිමිවෙනවා.

නමුත්, මේක සරල කාර්යයක් නොවේ…

බොහෝ වැඩිහිටියන් මෙම වගකීම කැමැත්තෙන් භාරගන්නා නමුත්, කාලයත් සමඟ එය බරපතල වගකීමක් බවට පත්වන අවස්ථාද ඇත. සමහරවිට ඔවුන්ට “බැහැ” කියා කියන්න අපහසු වෙලාවල් තියනවා. දිනපතා හෝ සතියේ බොහෝ දිනවල දරුවන් බලා ගැනීම, ඔවුන්ට නිදහසේ ගතකරන්න තියන කාලය අඩු කරනවා.

තවද, වයසට යාමත් සමග ශාරීරිකව හා මානසිකව එය අභියෝගයක් විය හැකියි. කුඩා දරුවන් රැකබලා ගැනීම ශක්තිය හා අවධානය අවශ්‍ය කරන කාර්යයක් වන අතර, වැඩිහිටියන්ගේ සෞඛ්‍යයටද එය බලපාන්න පුළුවන්.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, දෙමාපියන් හා වැඩිහිටියන් අතර ඇතිවන පැහැදිලි සංවාදය ඉතා වැදගත් බවයි. වගකීම්, සීමා හා කාලසටහන් ගැන එකඟතාවයක් තිබීමෙන් දෙපාර්ශවයටම පහසු වේ. එමෙන්ම, වැඩිහිටියන්ගේ කැපවීම අගය කිරීමත් අත්‍යවශ්‍යය සහ සංවේදී කාරණයක්.

වැඩිහිටියන් සෙනෙහසින් කරන මෙම කැපවීම පවුලකට වටිනා ශක්තියකි. නිවැරදි සමබරතාවයක් පවත්වා ගනිමින් පැහැදිලි අවබෝධයකින් ජීවත්වෙන්න පුළුවන් නම් පවුලක් විදියට අපි හැමෝටම සාර්ථක වෙන්න පුළුවන් කියන පණිවිඩය මෙම ලිපියෙන් මතක්කර දෙනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *