← BACKEnvironment

නවසීලන්තයේ දුර්ලභ ‘කියා’ පක්ෂීන්ගේ දුක්බර කතාව! දෙදෙනෙක් මියගිහින්, තවත් කිහිපදෙනෙක් බේරාගෙන.

BY DhanushPUBLISHED APRIL 17, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ දකුණු westland ප්‍රදේශයේ පසුගිය සති කිහිපයේදී ලීඩ් (lead) විෂවීම හේතුවෙන් දුර්ලභ “කියා” පක්ෂීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් හතරදෙනෙකු රෝහල්ගත කර බේරාගැනීමට සිදු වූ බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DoC) පවසයි.

මෙම සිදුවීමත් සමඟ, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියා පක්ෂීන් රැකගැනීමට ලීඩ් අඩංගු ද්‍රව්‍ය ඉවත් කිරීම සහ ඔවුන්ට ආහාර ලබා නොදෙන ලෙසයි.

මෙම සිදුවීමේදී එක් කියා පක්ෂියෙකු මියගොස් සිටියදී සොයාගැනුණි. තවත් පක්ෂියෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත. අනෙක් හතරදෙනා විශේෂ ප්‍රතිකාර ලබා දී බේරාගෙන නැවත පරිසරයට මුදා හැර තිබේ.

වෛද්‍යවරුන් විසින් “Chelation therapy” නම් විශේෂ ප්‍රතිකාරයක් භාවිතා කර, ශරීරයේ ඇති ලීඩ් මුත්‍රා මඟින් ඉවත් කර ඇත.

🔍 කියා පක්ෂීන්ට ලීඩ් ලැබෙන්නේ කෙසේද?

DoC නිලධාරිනියක් වන ට්‍රේසි ඩියර්ලව් පැවසුවේ, කියා පක්ෂීන් ස්වභාවයෙන්ම උපායශීලී සහ කුතුහලයෙන් යුතු පක්ෂීන් බවයි.

ඒ නිසා ඔවුන්:
👉🏻පැරණි ගොඩනැගිලිවල (1991ට පෙර) ඇති නල සහ ලෝහ කොටස් වලට හොට ගසයි.
👉🏻ලීඩ් බුලට් භාවිතයෙන් මරා ඇති සත්වයන්ටද හොටගසමින් ලීඩ් ගිලගනියි.

📊 භයානක සංඛ්‍යාත දත්ත.

2006 සිට 2022 දක්වා කියා පක්ෂීන් 800කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළ විට:

🔹 84% කගේ ලීඩ් සලකුණු හමු විය.
🔹 23% කට විෂමට්ටමේ ලීඩ් ප්‍රමාණ තිබුණි.

මෙය ලීඩ් විෂවීම කියා පක්ෂීන්ට විශාල අනතුරක් බව පෙන්වාදෙයි.

😔 පක්ෂීන්ට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ලීඩ් විෂවීමෙන් පීඩා විඳින කියා පක්ෂීන්:

👉🏻මන්දගාමී හා දුර්වල ලෙස පෙනේ
👉🏻බොහෝවිට වමනය කරයි
👉🏻බර අඩුවී කුඩා වී යයි
👉🏻මනෝභාවය සහ හැසිරීම් වෙනස් වේ
👉🏻අනතුරු වලට පහසුවෙන් ලක් වේ (උදා: වාහනට ගැටීම)

🏡 ජනතාවට දෙන උපදෙස් මොනවාද?

DoC විසින් Three Golden Rules ලෙසින් ජනතාවට උපදෙස් ලබා දී ඇත:

❌කියා පක්ෂීන්ට ආහාර ලබා නොදෙන්න
❌ලීඩ් අඩංගු ද්‍රව්‍ය ඉවත් කරන්න (පැරණි ගොඩනැගිලි වල පයිප්ප, paint, බැටරි, සහ ගිනි අවි උණ්ඩ.)
❌ඔබගේ වත්ත/ගොඩනැගිලි කියා පක්ෂියාට “ආකර්ෂණීය නොවන” ආකාරයෙන් තබා ගන්න

ඔවුන්ට ආහාර ලබා දීමෙන් කියා පක්ෂීන් එම ස්ථානවල දිගුකාලයක් රැඳී සිටින බැවින්, ලීඩ් ඇතුළ්වීමේ අවදානම වැඩිවෙයි.

🛠️ කියා පක්ෂීන් රැකගැනීමට විශාල උත්සහයක්.

👉🏻Kea Conservation Trust මඟින් ලීඩ් ඉවත් කිරීමට මුදල් ආධාර ලබා දෙනු ඇත.
👉🏻DoC විසින් පසුගිය මාස 18 තුළ ගොඩනැගිලි 125කට වැඩි ප්‍රමාණයක් ලීඩ් රහිත කර ඇත
👉🏻tahr සතුන් පාලනයේදී ලීඩ් බුලට් භාවිතය නවතා දමා ඇත

කියා පක්ෂීන් නවසීලන්තයේ අති දුර්ලභ සහ වටිනා සම්පතකි. නමුත්, මිනිසා විසින් භාවිතා කරන ලීඩ් ද්‍රව්‍ය නිසා ඔවුන්ගේ ජීවිත අනතුරට ලක්වෙමින් පවතී. එබැවින්, සෑම පුද්ගලයෙකු විසින් ගන්න කුඩා පියවරකින්, මෙම වටිනා ජීවීන් රැකගැනීමේ විශාල කර්තව්‍යට දාකය විය හැක.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *