
පුවත් මවන ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි විසින් නැවතත් සමාජ මාධ්‍ය කැළඹීමට හේතුවන පුවතක් නිර්මාණය කර තිබෙනවා. මින් පෙර 2025 දී විරාට් කෝලි අතින් වැරදීමකින් සිදුවුණා යැයි කියූ ඉන්දියානු influencer කෙනෙක් වගේම model කෙනෙක් වන Anveet Kaur ගේ Instagram පින්තූරයකට Heart එකක් දැමීමෙන් පසු විරාට් කෝලිගේ ෆෑන්ස්ලා අතරේ එය මහත් සාකච්ඡාවට බඳුන්වන සිදුවීමක් වුණා. සමහරුන් පැවසුවේ අනුෂ්කා ශර්මා සහ විරාට් අතර දැන් සම්බන්ධයක් නැති බවත් ඔහු විසින් Anveet Kaur ව විවාහ කර ගැනීමට කටයුතු කරන බවත්ය. එවැනි ආකාරයකට එම සිදුවීම දුරදිග යාම හේතුවෙන් ඒ සම්බන්ධව මාධ්‍යයට පැහැදිලි කිරීමක් කරන්නත් 2025 වර්ෂයේදී ඔහුට සිදුවුණා. ඔහු කියා සිටියේ තමන් විසින් හාට් රියැක්ට් එකක් නොයෙදූ බවත් එය Algorithm විසින් සිදු කරා විය හැකි බවත්ය.
නමුත් නැවතත් පෙරේදා දිනයේ දී විරාට් විසින් දකුණු අප්‍රිකානු මොඩල් කෙනෙකු සහ influencer කෙනෙකු වන LizLazගේ instagram එකවුන්ට් එක තුළ ඇය විසින් පළ කර තිබූ අඩ නිරුවත් ඡායාරූපයකට Heart දමා තිබෙනු දුටු ෆෑන්ස්ලා විසින් උසුළු විසුළු කිරීමටත, විවේචනය කිරීමටත් පටන් ගෙනත් තිබෙනවා
ඊට අමතරව එහි screenshot ලබාගත් ෆෑන්ස්ලා විසින් instagram තුළ පමණක් නොව අනෙකුත් සියලු සමාජ මාධ්‍යයන් ඔස්සේ කෝලිට මේ වන විට Meme සාදමින් තිබෙනවා. බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කරන පරිදි කෝලී නැවතත් මාධ්‍යයට මෙයත් Algorithm නිසා සිදුවූවක් යැයි සඳහන් කරනු ඇති බවයි.
විරාට් කෝලි විසින් මෙවර ipl තරගාවලියේදී ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් කට එක් ලකුණක් ලබා ගැනීමට තිබියදී දැවී ගියත් මේ හේතුව නිසා ඇති වූ මානසික පීඩාව නිසාවෙන් මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීමට අපොහොසත් වීම නිසා යැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියා සිටින්නෙ එය හුදෙක් ඡායාරූපයක් පමණක් බවත් ඒ පිළිබඳව මෙතරම් සමාජයේ අවධානය යොමු වීම කණගාටුවට කරුණක් බවත්ය. මෙවන් නොවැදගත් සිදුවීම් හේතුවෙන් සුපිරි ක්‍රීඩකයෙකුගේ ජීවිතයට බලපෑම් එල්ල වීම සමස්ත ඉන්දියාවටම කලු පැල්ලමක් බවත් තව දුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

0 Comments