← BACKWeather

වෙලින්ටන් අනතුරු ඇගවීම රතු මට්ටමට ඉහළ දමයි!හදිසි තත්වය අගහරුවාදා රාත්‍රිය තෙක් බලපැවැත්වේ!

BY DhanushPUBLISHED APRIL 20, 20261 MIN READ0 COMMENTS

අඛණ්ඩව වැසි පතිත වීමත් සමඟ ඇතිවී ඇති ගංවතුර හා පස් කඩා වැටීම් අවදානම් හේතුවෙන්, වෙලින්ටන් කලාපයට නිල වශයෙන් හදිසි තත්ත්වයක් (State of Emergency) ප්‍රකාශයට පත් කර ඇත. බලධාරීන් අනතුරු අඟවා සිටියේ මේ තත්ත්වය ජන ජීවිතයට සෘජුවම බලපාන දැඩි අවදානමක් බවයි.

මෙට්සර්විස් (MetService) අනුව, wellington සහ Wairarapa ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ දැඩි වැසි අනතුරු ඇඟවීම රතු මට්ටමට (Red Warning) ඉහළ දැමූ අතර, සඳුදා දහවල් 2 සිට අඟහරුවාදා රාත්‍රිය දක්වා බලපැවැත්වේ. මෙම වැසි තත්ත්වය හේතුවෙන් ගංගා ඉතා වේගයෙන් පිරී යාම, විශාල ගංවතුර සහ පස් කඩා වැටීම් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවද සඳහන් වේ.

වෙලින්ටන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (WCEM) පවසන්නේ, මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන්, ප්‍රතිචාර කණ්ඩායම්ට වැඩි බලතල ලබා දී, අවශ්‍ය නම් ජනතාව ඉවත් කිරීම, ආරක්ෂාව තහවුරු කිරීම සහ ගංවතුර බලපෑම් පාලනය කිරීම පහසු වන බවයි. කණ්ඩායම් නායක කැරී මැකෙන්සි (Carrie McKenzie) පැවසුවේ “ඔවුන්ගේ ප්‍රමුඛතාවය ජන ජීවිත ආරක්ෂා කිරීම” බවයි.

ඇය තවදුරටත් අවධාරණය කළේ, පහත් සහ ගංවතුරට නිතර ලක්වන ප්‍රදේශවල සිටින ජනතාව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි. “අනතුරු ඇඟවීම් බලා සිටිනවාට වඩා, ඔබට අවශ්‍ය නම් ඉක්මනින් ඉවත් වන්න” යැයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මේ අතර, තවත් වැසි අපේක්ෂා කරන බැවින් මතුපිට ජල ගැලීම්, පස් කඩා වැටීම් සහ ගංගා වේගයෙන් ඉහළ යාමේ අවදානම වැඩිවෙමින් පවතී. WCEM ජනතාවට පවසන්නේ, අවදානම් ප්‍රදේශවල සිටින අය අවම වශයෙන් පැය 24ක් සඳහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙසටයි.

ගිනි නිවීමේ හා හදිසි සේවා (Fire and Emergency) කණ්ඩායම් ද සූදානම් කර ඇති අතර, සඳුදා අලුයම 2 සිට සවස 4.30 දක්වා කාලය තුළම කාලගුණය සම්බන්ධ සිද්ධීන් 200කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිචාර දක්වා ඇත. විශේෂ ජල ආපදා හා ගලවා ගැනීමේ කණ්ඩායම් Hutt Valley සහ Wairarapa ප්‍රදේශවලට යොදවා ඇත.

බලධාරීන් අනතුරු අඟවන්නේ, ගංවතුර ජලයට ඇතුළු වීම ඉතාමත් භයානක බවයි. එවැනි ජලයේ ඇතුළත නොපෙනෙන වලවල්, ද්‍රව්‍ය හෝ අනතුරු ඇතිවිය හැකි බැවින් එය දැඩි අවදානමක් බවයි. එමෙන්ම, ගෙවල් තුළට ජලය ඇතුළු වුවහොත් විදුලි උපකරණ වහාම අක්‍රීය කළ යුතු බවටත් උපදෙස් දී ඇත.

මෙම තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බැවින්, සියලුම ජනතාව තම ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන කඩිනමින් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *