← BACKUncategorized

නවසීලන්තයේ Anzac Day සැමරුම, එදිනට විවෘත වෙළඳසැල් සහ නීති ගැන ඔබ දැනගත යුතු දේ

BY DhanushPUBLISHED APRIL 21, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ වීරෝදාර සෙබළුන් අනුස්මරණය කෙරෙන Anzac Day සැමරුම මෙවර සෙනසුරාදා (අප්‍රේල් 25) දිනට යෙදී තිබේ. එදිනට වෙළඳ කටයුතු සම්බන්ධයෙන් පවතින දැඩි නීතිරීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

සෙනසුරාදා (අප්‍රේල් 25) – නීතියට අනුව එදින පස්වරු 1:00 වන තෙක් බොහෝ වෙළඳසැල් වසා තැබිය යුතුය. සුපිරි වෙළඳසැල් පවා පස්වරු 1:00 ට පෙර විවෘත නොවන බැවින්, එදින උදෑසන අවශ්‍ය ද්‍රව්‍ය කලින් මිලදී ගැනීමට වගබලා ගන්න.
සඳුදා (අප්‍රේල් 27) – මෙවර Anzac Day සෙනසුරාදා දිනක යෙදී ඇති බැවින්, එළඹෙන සඳුදා දිනයද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, වෙළඳසැල් වසා තැබීමේ නීතිය බලපාන්නේ සෙනසුරාදා දිනයට පමණි.

විවෘතව පවතින ස්ථාන
පස්වරු 1:00 ට පෙර පහත ස්ථාන සීමිත නීති යටතේ විවෘතව තැබිය හැකිය
කුඩා සිල්ලර වෙළඳසැල් ,ඔසුසල් ,ඉන්ධන පිරවුම්හල්, ආහාර පාර්සල් අලෙවිසැල් ,අවන්හල් සහ කැෆේ.

අමතර ගාස්තු
පොදු නිවාඩු දිනවල සේවක වැටුප් ඉහළ යන බැවින්, අවන්හල් සහ කැෆේ මගින් 10% – 15% ක අමතර ගාස්තුවක් (Surcharge) අය කළ හැකිය. එවැනි ගාස්තුවක් අය කරන්නේ නම් ඒ බව පාරිභෝගිකයාට පෙනෙන සේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ.

මද්‍යසාර අලෙවිය
මේ මස මුලදී පාර්ලිමේන්තුව සම්මත කළ නව නීතිරීතිවලට අනුව, බලපත්‍රලාභී අවන්හල් සහ බාර් සඳහා ඔවුන්ගේ සාමාන්‍ය කොන්දේසි යටතේ මද්‍යසාර පිරිනැමිය හැකිය. එහෙත් මද්‍යසාර පමණක් අලෙවි කරන වෙළඳසැල් සෙනසුරාදා උදෑසන කාලයේ වසා තැබෙනු ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *