← BACKWeather

“බ්ලූයි” කාගෙද? – නවසීලන්තයේ ලස්සනම බල්ලා වෙනුවෙන් ඇවිලෙන මහා අයිතිවාසිකම් සටන!

BY DhanushPUBLISHED MAY 3, 20261 MIN READ0 COMMENTS

වයස මාස 18ක් වන “හස්කි”වර්ගයේ සුනඛයෙකු වන බ්ලූයිගේ අයිතිය සම්බන්ධයෙන් ඇවිලී ඇති ආරවුල දැන් පොලිසිය සහ අධිකරණය දක්වා දුරදිග ගොස් තිබේ. එක් පසෙකින් බ්ලූයිගේ වත්මන් කැපකරු මව සිටින අතර, අනෙක් පසින් බ්ලූයි තමාගේ බව පවසන රැල්ෆ් ලෝඩර් නම් පුද්ගලයා සිටියි.

ආරවුලේ ආරම්භය – වීදියේදී හමුවූ ගනුදෙනුව?*🤝

රැල්ෆ් ලෝඩර් පවසන්නේ පසුගිය මාර්තු 30 වැනිදා වීදියේදී ඔහුට මෙම කාන්තාව සහ බ්ලූයි හමුවූ බවයි. එහිදී ඇතිවූ වාචික එකඟතාවයක් මත බ්ලූයිව තමාට ලබාදීමට ඇය එකඟ වූ බව ඔහු පවසයි.

යාපදිංචිය – රැල්ෆ් විසින් අප්‍රේල් 13 වැනිදා ඕක්ලන්ඩ් නගර සභාවේ බ්ලූයිගේ අයිතිය තමාගේ නමට ලියාපදිංචි කර ඇත.

චෝදනාව – පසුව බ්ලූයිව ඇය වෙත ලබාදුන් නමුත් ඇය නැවත බල්ලා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව රැල්ෆ් පවසයි. ඔහු දැන් බ්ලූයි “සොරකම් කර ඇති” බවට පොලිසියට පැමිණිලි කර ඇත.

කැපකරු මවගේ පාර්ශවය – “බ්ලූයි මගේ පණ!” 💔

නම හෙළි නොකළ මෙම කාන්තාව පවසන්නේ ඇය Chained Dog Awareness NZ නම් පුණ්‍යායතනය හරහා බ්ලූයිව හදාගැනීමට ගත් කැපකරු මව බවයි.

මුළා කිරීම – ඇය පවසන්නේ රැල්ෆ් විසින් බ්ලූයිව තාවකාලිකව බලාගත් දින කිහිපය තුළ, ඇයට නොදන්වා බල්ලාට ‘මයික්‍රෝ චිප්’කර තමාගේ නමට ලියාපදිංචි කර ඇති බවයි.

නීතිමය අයිතිය – පුණ්‍යායතනය පවසන පරිදි බ්ලූයි තවමත් නීත්‍යානුකූලව අයිති ඔවුන්ට වන අතර, එය රැල්ෆ්ට පැවරීමට ඔවුන් කිසිදු එකඟතාවයක් ලබාදී නැත.

නීතිමය ගැටලුව🏛️⚖️

ඕක්ලන්ඩ් නගර සභාව පවසන්නේ බල්ලෙකු ලියාපදිංචි කිරීම අයිතිය තහවුරු කරන නීත්‍යානුකූල ලේඛනයක් ලෙස සලකන බවයි. ඒ අනුව රැල්ෆ් ලෝඩර් සතුව ලේඛන පවතින අතර, පුණ්‍යායතනය සතුව බ්ලූයිගේ භාරකාරත්වය පවතී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *