← BACKUncategorized

ජපන් නාවික හමුදාවේ අතිනවීන සුපිරි යුද නෞකාවක් වෙලින්ටන් වරායට පැමිණෙයි! 🇯🇵🚢🇳🇿

BY DhanushPUBLISHED MAY 17, 20261 MIN READ0 COMMENTS

📍 නවසීලන්තය සහ ජපානය අතර පවතින ශක්තිමත් ආරක්ෂක සබඳතා තවදුරටත් තහවුරු කරමින්, ජපන් නාවික ස්වයං-ආරක්ෂක බලකායට අයත් අතිනවීන ‘JS Kumano’ Stealth ෆ්‍රිගේට් යුද නෞකාව අද (මැයි 17) වෙලින්ටන් වරායට සේන්දු වුණා. නවසීලන්ත නාවික හමුදාවේ ‘HMNZS Te Mana’ නෞකාව විසින් ජපන් නෞකාව ගෞරවාන්විතව වෙලින්ටන් වරාය වෙත කැටුව එනු ලැබුවා.

📍 නාවිකකයින් 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැගත් මෙම නෞකාව පිළිගනිමින් නවසීලන්ත ආරක්ෂක බලකායේ මැරයින් කොම්පෝනන්ට් කමාන්ඩර්, කොමදෝරු Shane Arndell මහතා ප්‍රකාශ කළේ, ලෝකයේ ආරක්ෂක තත්ත්වයන් ශීඝ්‍රයෙන් වෙනස් වන මෙවැනි වටපිටාවක දෙරට අතර පවතින මෙවැනි සහයෝගීතාවයන් කලාපීය සාමයට ඉතා වැදගත් වන බවයි. පසුගිය වසරේදී ද ජපානයේ ‘JS Ise’ සහ ‘JS Suzunami’ යන යුද නෞකා වෙලින්ටන් වෙත පැමිණි අතර, දෙරටේ හමුදාවන් ඒකාබද්ධ යුද අභ්‍යාස රැසකට ද දායක වී තිබෙනවා.

📍 මේ පිළිබඳව අදහස් දැක්වූ නවසීලන්තයේ ජපන් තානාපති අතිගරු Makoto Osawa මහතා සඳහන් කළේ, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් වෙනුවෙන් දෙරටම කැපවී සිටින බවයි. එමෙන්ම වෙලින්ටන් වැසියන්ගෙන් ජපන් නාවිකයින්ට ලැබෙන උණුසුම් ආගන්තුක සත්කාරය ද ඔහු අගය කළා.

📍 2022 වසරේ සිට ජපන් නාවික හමුදාව සතු සේවා නියුක්ත අතිනවීන ‘Mogami-class’ බහුකාර්ය Stealth ෆ්‍රිගේට් නෞකා 8න් එකක් වන මෙම ‘JS Kumano’ නෞකාව දින හතරක් වෙලින්ටන් හි රැඳී සිටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය බලා යාත්‍රා කිරීමට නියමිතයි.

Wellington #NewZealand #JMSDF #JSKumano #NZNavy #JapanNZ #SriLankansInNZ #WellingtonLions #KiwiLankaNews #DefenceNews #IndoPacific #lakkiwi

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *