
Auckland නගරයේ පොදු ප්‍රවාහන බස් රථයක් තුළ මගියෙකුට අමානුෂික ලෙස පහර දීමේ දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් ඕක්ලන්ඩ් පොලිසිය මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පොලිසිය පවසන්නේ මෙම දර්ශන දිගින් දිගටම Share මඟින් ප්‍රහාරයට ලක්වූ වින්දිතයා නැවත නැවතත් දැඩි මානසික පීඩාවකට පත්වන අතර, සාමාන්‍ය මගීන් තුළ ද අනවශ්‍ය බියක් ඇති වන බවයි. එමෙන්ම, නඩු විභාගයකට පෙර මෙවැනි සාක්ෂි ප්‍රසිද්ධ වීම වැරදිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවද පෙන්වා දී ඇත.
වීඩියෝව සමාජ මාධ්‍යවලින් වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින පොලිසිය, ප්‍රහාරය ඇසින් දුටු හෝ එම සිදුවීමේ මුල් වීඩියෝව (Original footage) සතු ඕනෑම අයෙකුට එය සමාජ මාධ්‍යවල පළ නොකර, පරීක්ෂණ කටයුතු සඳහා සෘජුවම පොලිසිය වෙත භාර දෙන ලෙසට හදිසි ඉල්ලීමක් කරයි.

0 Comments