← BACKUncategorized

අවසන වරට පාසල් ගිය පුංචි දරුවාමියගොස් සිටියදී සොයාගනී!

BY DhanushPUBLISHED MAY 28, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Taranaki කලාපයේ Huiroa නමැති ග්‍රාමීය ප්‍රදේශයේදී පාසල් බස් රථයෙන් බැස නිවස බලා එමින් සිටියදී අතුරුදන් වූ කුඩා පිරිමි දරුවෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

පසුගිය බදාදා පස්වරුවේ පාසල නිමවී බස් රථයෙන් බැසීමෙන් පසු මෙම ප්‍රාථමික ශ්‍රේණියේ දරුවා නිවසට නොපැමිණීම නිසා පොලිසිය, සහන සේවා කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව දැවැන්ත සෙවීමේ මෙහෙයුමක් දියත් කළහ. කෙසේ වෙතත්, සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමින් සෝදිසි මෙහෙයුම අවසානයේ දරුවා ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගැනීමට හැකි විය.

සැමගේ දැඩි ආදරය දිනා සිටි මෙම දරුවාගේ අකල් මරණය හේතුවෙන් මුළු ප්‍රදේශයම දැඩි කෝපයකට සහ ශෝකයකට පත්ව ඇත. බියට හා කම්පනයට පත්ව සිටින පාසලේ සිසුන්ට සහ ගුරුවරුන්ට මානසික උපදේශනය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් පියවර ගෙන තිබේ. දරුවාගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සහ WorkSafe ආයතනය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *