← BACKArt

කෘතිම බුද්ධියට පරාජය කළ නොහැකි සැබෑ මිනිස් ජීවිතවල නොසැලෙන කඳුළු සහ සිනහව!

BY DhanushPUBLISHED JUNE 5, 20261 MIN READ0 COMMENTS

Auckland නුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන සුවිශේෂී කලාත්මක සංයෝජනයක් පිළිබඳවයි මේ සටහන. නවසීලන්තයේ ප්‍රමුඛතම වාර්තා චිත්‍රපට උළෙල වන Doc Edge Festival සහ ලෝක ප්‍රකට මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය වන World Press Photo ප්‍රථම වතාවට එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ කලා මංගල්‍යය 2026 ජූනි අග භාගයේ සිට ජූලි මැද දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Auckland හි ඓතිහාසික Smith & Caughey’s ගොඩනැගිල්ල කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රදර්ශන සහ සිනමා උළෙල පැවැත්වෙන අතර, Doc Edge වාර්තා චිත්‍රපට Wellington, Christchurch සහ අන්තර්ජාලය (Online) ඔස්සේ ද නැරඹීමේ අවස්ථාව උදාකර දී ඇත.

🔴 ඩිජිටල් මායාවෙන් ඔබ්බට.

සමාජ මාධ්‍ය ඇල්ගොරිතම (Algorithms) විසින් මිනිසා කොටු කර ඇති පටු පරාසයෙන් මිදීමට මෙම සිනමා සහ ඡායාරූප උළෙල කදිම අවස්ථාවක් බව Doc Edge හි සම-අධ්‍යක්ෂ Alex Lee පවසයි.

“අපේ මේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම බිඳ දැමීමයි. ලෝකය පුරා සිදුවන සැබෑ සිදුවීම් පිළිබඳව නවසීලන්ත ප්‍රේක්ෂකයින් දැනුවත් කරන්නත්, ඒ දේවල් දෙස බලා තමන්ට හැඟෙන දේ තීරණය කිරීමට ඔවුන්ට නිදහස ලබාදෙන්නත් මේ හරහා අපට අවස්ථාව ලැබෙනවා.” – ඇලෙක්ස් ලී

මෙම ප්‍රදර්ශනයේ Auckland අලෙවිකරණ කළමනාකාරිනී Denise Moller පෙන්වා දෙන්නේ, මෙවර ප්‍රදර්ශනයෙන් කලකිරීම හෝ දුක වෙනුවට මිනිසා සතු “නොසැලෙන ගුණය සහ ඔරොත්තු දීමේ හැකියාව” මැනවින් පිළිඹිබු වන බවයි. දේශගුණික විපර්යාස, දේශපාලන ගැටුම් සහ මානුෂීය අර්බුද හමුවේ වුවද මිනිස් ප්‍රජාව එකට එකතු වී නැගී සිටින ආකාරය මෙහිදී දැකගත හැකිය.

🔴 සැබෑ මිනිස් ජීවිතවල අත්දැකීම්.

ගෝලීය පුවත් මෙන්ම වසර ගණනාවක් තිස්සේ කැමරා කාචයට හසුකරගත් ඉතා සංවේදී පෞද්ගලික මිනිස් කතාන්දර රැසක් මෙවර උළෙල හැඩගන්වයි. ඒ අතරින් නිර්මාණ ත්‍රිත්වයක් සුවිශේෂී වේ:

👉🏻 featherStrength (වාර්තා චිත්‍රපටය): නවසීලන්ත ජාතික සිනමාකරු Jon Earle විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයෙන්, දැඩි වර්ධනීය ආබාධ සහිත සිය දියණිය රැකබලා ගැනීම වෙනුවෙන් ඔහු ගතකළ වසර 10ක පෞද්ගලික ජීවිතය දිගහැරේ. හුදකලා වූ අනෙකුත් දෙමාපියන් සහ රැකබලා ගන්නන් වෙනුවෙන් මෙය මහඟු පාලමක් වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

👉🏻 Motherhood at 60 (ඡායාරූප පෙළ): චීන ජාතික ඡායාරූප ශිල්පී Fang Wu විසින් වසර 15ක් තිස්සේ ගත් මෙම ඡායාරූප එකතුවෙන් කියවෙන්නේ, තම එකම දියණිය අහිමි වීමෙන් පසු වයස අවුරුදු 60 දී IVF (නළ දරු) තාක්ෂණයෙන් නිවුන් දරුවන් බිහි කළ Hailin Sheng ගේ කතාවයි. කෘතිම බුද්ධිය බලපෑම් කරන යුගයක වුවත්, සැබෑ වාර්තාකරණ ඡායාරූපකරණයට කළ හැකි බලපෑම මෙයින් මනාව පැහැදිලි වේ.

👉🏻 A Desperate Plea (ඡායාරූපය): හොංකොං හි ඡායාරූප Tyrone Siu විසින් ගන්නා ලද, දරුණු ගින්නකට හසුව අසරණ වූ මිනිසෙකුගේ වේදනාත්මක මුහුණුවර රැගත් ඡායාරූපයකි. ස්වභාවික විපත්වලට නිරන්තරයෙන් මුහුණ දෙන නවසීලන්ත වැසියන්ට ජීවිතයේ බිඳෙනසුලු බව සහ ප්‍රජාවක එකමුතුකමේ වටිනාකම මෙමඟින් මතක් කර දෙයි.

🔴 මෙම ප්‍රදර්ශන ඔබ වෙනුවෙන් විවෘත වන්නේ….

📍Doc Edge Festival – සජීවීව (Auckland, Wellington, Christchurch) සහ Online

📍World Press Photo Exhibition – සජීවීව (Auckland – Smith & Caughey’s ගොඩනැගිල්ල)

චලන චිත්‍ර සහ නිශ්චල ඡායාරූපකරණය එකට යා කරමින් පැවැත්වෙන මෙම සුවිශේෂී කලා උළෙල, නවසීලන්ත වැසියන්ට තමන්ගේ ඩිජිටල් තිරවලින් ඔබ්බට ගොස් ලෝකයේ සැබෑ තතු වටහා ගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *