
නවසීලන්තයේ සුප්‍රසිද්ධ Sports Supplements නිෂ්පාදකයෙකු වන NZ Muscle සමාගමේ Creatine නිෂ්පාදන රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට නවසීලන්ත ආහාර සුරක්ෂිතතා ආයතනය (NZFS) පියවර ගෙන තිබේ.
මෙම තීරණයට හේතු වී ඇත්තේ TikTok සහ YouTube ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගිය වීඩියෝවක් මඟින් එම සමාගමේ සෞඛ්යාරක්ෂිත නොවන ඇසුරුම්කරණ ක්‍රියාවලිය සහ වංචනික ක්‍රියා රැසක් ලෝකය හමුවේ හෙළිදරව් කිරීමයි.
🔴 එල්ල වී ඇති බරපතල චෝදනා වන්නේ…,
👉🏻 කල් ඉකුත් වූ ද්‍රව්‍ය භාවිතය: මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද කල් ඉකුත් වූ ප්‍රෝටීන් පවුඩර්, නවසීලන්තයේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ “Grass-fed Whey” ලෙස අලුතින් ලේබල් කර විකිණීම.
👉🏻 අපිරිසිදු ඇසුරුම්කරණය: රසායනාගාර හෝ කර්මාන්තශාලා ප්‍රමිතීන්ගෙන් තොරව, අපිරිසිදු ලෙස තොග ද්‍රව්‍ය නැවත ඇසුරුම් කිරීම.
👉🏻 අසාත්මිකතා අවදානම: කිරි අඩංගු ප්‍රෝටීන් ඇසුරුම් කළ මැෂින් පිරිසිදු නොකර ක්‍රියටීන් ඇසුරුම් කිරීම නිසා, කිරි ආසාත්මිකතා (Milk Allergens) ඇති අයට දැඩි සෞඛ්‍ය අවදානමක් මතු වීම.
🔴 පාරිභෝගික අවවාදය: NZ Muscle සහ No Brand යටතේ නිකුත් කර ඇති, B/B JUN27 (ජූනි 2027) දින ලකුණු කර ඇති 200g, 500g සහ 1kg Unflavoured Creatine නිෂ්පාදන භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී ඇත.
මේ වන විට NZ Muscle සමාගම පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද ඇති අතර, වංචනික ලෙස ආහාර ලේබල් කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
🔴 Supplements ගන්න ඔබේ මිතුරන්ව දැනුවත් කරන්න!

0 Comments