
නවසීලන්තයේ පදිංචි Courtney Cambie නමැති මවට 2023 වසර යනු ඇගේ ජීවිතයේ අඳුරුතම කාලයයි. ඒ, ඇගේ 3 හැවිරිදි සිඟිති දියණිය වූ Tilly නිවසේ තිබූ ජනෙල් රෙදි අකුලන ලණුවක ගෙල සිරවීමෙන් අවාසනාවන්ත ලෙස මියයාම හේතුවෙනි.
එතැන් සිට ක්‍රියාත්මක වූ කෝට්නි, පාරිභෝගික සංවිධාන සමඟ එක්ව මෙවැනි අනතුරු වැළැක්වීම සඳහා දැඩි නීති පනවන ලෙස රජයට බල කර සිටියාය. ඇගේ මෙම වසර ගණනාවක දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, මින් ඉදිරියට වෙළඳපොළට පැමිණෙන සියලුම Corded Blinds සඳහා අනිවාර්ය ආරක්ෂණ ප්‍රමිති හඳුන්වා දීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.
2008 වසරේ සිට මේ දක්වා නවසීලන්තය තුළ පමණක් කුඩා දරුවන් 8 දෙනෙකු මෙවැනි අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම නව නීතිය මඟින් ඉදිරියේදී තවත් දරුවන් රැසකගේ ජීවිත ආරක්ෂා වනු ඇතැයි මියගිය දියණියගේ මව රජයට තම කෘතඥතාව පළ කර සිටියි.
🔴මොනවදමේ Corded Blinds? ඇයිමේවාමෙතරම්අනතුරුදායක?
බොහෝ නවීන නිවෙස්වල රෙදි හෝ ප්ලාස්ටික්වලින් සෑදූ තිර රෙදි ඉහළට සහ පහළට කිරීමට, නැතහොත් ආලෝකය පාලනය කිරීම සඳහා විවිධ ලණු, නූල් හෝ ප්ලාස්ටික් බෝල ඇමිණූ chains භාවිත කෙරේ. මේවා Corded Blinds ලෙස හැඳින්වේ.
නිවසක දුව පැන ඇවිදින කුඩා දරුවන්ට සහ බිළිඳුන්ට මෙම එල්ලෙන ලණු කියන්නේ ඉතාමත් අනතුරුදායක “නිශ්ශබ්ද මාරයෙක්” වැනිය. ඊට හේතු වන්නේ…
👉🏻සිරවීම්සහගැටගැසීම්: ලණු කිහිපයක් එකට පැටලීමේදී විශාල ගැටයක් නිර්මාණය වේ. සෙල්ලම් කරන කුඩා දරුවන් තම හිස මෙවැනි ගැට අස්සට දැමීමෙන් එය පහසුවෙන්ම ගෙල වටා හිරවිය හැක.
👉🏻කෑගැසීමටනොහැකිවීම: යමක් උගුරේ සිරවූ විට දරුවෙකු කැස්ස හෝ ශබ්ද කළත්, මෙවැනි ලණුවකට ගෙල සිරවීමේදී තත්පර 60ක් වැනි කෙටි කාලයකදී ශ්වසන මාර්ගය හෝ මොළයට ලේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී යයි. දරුවාට කෑගැසීමට පවා නොහැකි වන බැවින් ළඟම කාමරයේ සිටින දෙමාපියන්ට පවා අනතුරක් සිදුවන බව දැනගන්න ලැබෙන්නේ ප්‍රමාද වැඩියෙනි.
👉🏻ඇඳන්අසලතිබීම: දරුවන් නිදාගන්නා ඇඳන්, ළදරු ඇඳන් (cribs) හෝ සෝෆා ජනෙල් අසල තිබීමෙන්, දරුවන් ඒ මතට නැග පහසුවෙන්ම මෙම ලණුවලට හසුවීමේ අවදානමක් පවතී.
🔴පවතිනඅනතුරෙන්දරුවන්බේරාගන්නේකෙසේද?
ඔබේ නිවසේත් දැනටමත් මෙවැනි ලණු සහිත ජනෙල් තිර තිබේ නම්, ඒවා වහාම ඉවත් කිරීමට අවශ්‍ය නැත. නමුත් පහත ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුය:
✅ආරක්ෂිතකොකුසවිකිරීම: ජනේලයට ඉහළින් (දරුවන්ට ළගාවිය නොහැකි මීටර් 1.6 කට වඩා උසකින්) බිත්තියට ප්ලාස්ටික් හෝ ලෝහ කොක්කක් සවි කර, තිර රෙදි ඉහළ දැමූ පසු ඉතිරි වන දිග ලණුව එම කොක්ක වටා හොඳින් එතීම සිදුකළ යුතුය.
✅ලණුතදකරතැබීම : රවුමට කැරකෙන ප්ලාස්ටික් බෝල සහිත ලණු (Continuous loops), බිත්තියට තද කර විශේෂ ක්ලිප් එකක් (P-Clips) මඟින් සවි කළ යුතුය. එවිට දරුවෙකුට ඒ අස්සට හිස දැමීමට ඉඩක් ඉතිරි නොවේ.
✅ඈත්කරතැබීම: දරුවන් සිටින ඇඳන්, පුටු හෝ සෙල්ලම් බඩු ජනෙල් අසලින් වහාම ඉවත් කරන්න.
🔴මේසදහාලෝකයමපිළිගත්නවීනතමවිසඳුම, Cordless Blinds.
වත්මන් ලෝකයේ නව ප්‍රවණතාවය වන්නේ මෙවැනි ලණු සහිත ජනෙල් තිර වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර, “දරුවන්ටවඩාත්මසුදුසු” ලෙස සහතික කළ ලණු රහිත ජනෙල් තිර හඳුන්වා දීමයි.
මේවායේ පිටතට පෙනෙන කිසිදු ලණුවක් නොමැති අතර, අතින් ඉහළට හෝ පහළට තල්ලු කිරීමෙන් පමණක් ක්‍රියාත්මක කළ හැක. එසේම දුරස්ථ පාලක (Remote) හෝ ස්මාර්ට්ෆෝන් ඇප් මඟින් ක්‍රියාත්මක කළ හැකි ස්වයංක්‍රීය ජනෙල් තිරද මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%ක්ම තහවුරු කරමිනි.

0 Comments