
ලෝක කලා ඉතිහාසයේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන, පුනරුද යුගයේ මහා කලාකරු මයිකල්ඇන්ජලෝ විසින් වතිකානුවේ Sistine Chapel දේවස්ථානයේ සිවිලිම මත අඳින ලද සුප්‍රකට බිතුසිතුවම් පෙළ, දැන් නවසීලන්තයේ Christchurch හි Te Pae සම්මුති මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ.
සාමාන්‍යයෙන් වැටිකානුවට යන සංචාරකයෙකුට මීටර් 20ක් පමණ ඉහළින් ඇති මෙම සිතුවම් දෙස බැලීමට සිදුවන්නේ දැඩි සෙනඟක් මධ්‍යයේය. නමුත් ‘Michelangelo’s Sistine Chapel: The Exhibition’ ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී, අති නවීන සහ ඉතා ඉහළ පැහැදිලිදතාවයකින් යුත් (High-definition) ඡායාරූපකරණ තාක්ෂණය භාවිතයෙන් එම සිතුවම් ඒවායේ සැබෑ ප්‍රමාණයෙන්ම (Lifesize) මිනිස් ඇසට පෙනෙන මානයට ගෙනවිත් තිබේ.
මෙහිදී ‘The Creation of Adam’ (ආදම්ගේ මැවීම) ඇතුළු සිතුවම් 34ක ඇති සියුම් පින්සල් පහරවල් පවා ඉතා සමීපව අධ්‍යයනය කිරීමට කලා ලෝලීන්ට අවස්ථාව ලැබේ. සෑම සිතුවමක් සමඟම ස්මාර්ට්ෆෝන් හරහා ශ්‍රවණය කළ හැකි හඬ පට (Audio guides) මඟින් සිතුවම්වල ඓතිහාසික පසුබිමද විස්තර කෙරේ. ක්‍රයිස්ට්චර්ච් නගරයට පැමිණි මෙම සුවිශේෂී කලා ප්‍රදර්ශනය සීමිත කාලයක් පමණක් පැවැත්වෙන බැවින් මෙය මඟ නොහැරිය යුතුම අවස්ථාවකි.

0 Comments