
නවසීලන්තයේ Swannanoa ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අශ්වයෙකු එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග වසා දමා රථවාහන ධාවනය විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
අනතුර සිදුවූ ස්ථානයට පොලිසිය, ගිලන්රථ සහ ගිනි නිවන අංශ වහාම කැඳවා ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා බරපතල රිය අනතුරු විමර්ශන අංශය (Serious Crash Unit) මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බැවින්, තත්වය සාමාන්‍ය වන තෙක් හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ ගමන් වාර ප්‍රමාද කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබුණි. අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය හෝ අශ්වයාට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය කර නොමැත.

0 Comments