
ක්වීන්ස්ටවුන් සිට ඕක්ලන්ඩ් බලා පියාසර කරමින් තිබූ එයාර් නිව්සීලන්ඩ් සමාගමට අයත් Airbus A320 වර්ගයේ NZ630 ගුවන් යානය, එහි කාර්ය මණ්ඩලය තුළ හදිසියේම දුම් ඝන්දයක් පැතිර යාම හේතුවෙන් ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළ වෙත හදිසියේම හරවා ගොඩබස්වා තිබේ.
යානය ගුවනේ ගමන් කරමින් සිටියදී මෙම අද්භූත දුම් ඝන්දය දැනී ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය ක්‍රයිස්ට්චර්ච් වෙත හැරවීමට පියවර ගෙන ඇත. මෙම අනතුරුදායක අවස්ථාවේදී ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් FlightRadar24 වෙබ් අඩවිය ඔස්සේ මෙම යානයේ ගමන් මඟ සජීවීව නිරීක්ෂණය කර තිබේ.
යානය ගොඩබස්වන අවස්ථාවේදී ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළේ ගිනි නිවන රථ සහ ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබූ නමුත්, වාසනාවකට මෙන් යානය කිසිදු අනතුරකින් තොරව සවස 3:30 ට පමණ ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකි විය. යානයේ සිටි සියලුම මගීන් නිරුපද්‍රිතව ඉවත් කර ඇති අතර, මෙම දුම් ඝන්දයට හේතුව සෙවීම සඳහා ඉංජිනේරු කණ්ඩායම් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපහසුතාවයට පත් මගීන් වෙනත් ගුවන් යානා මගින් ඕක්ලන්ඩ් වෙත යැවීමට ගුවන් සමාගම කටයුතු කර තිබේ.

0 Comments