← BACKUncategorized

අසනීප සේවකයා රැකියාවෙන් අස්කළ ආයතනයට වැරදුණු තැන!

BY Dhanush•PUBLISHED JULY 7, 2026•1 MIN READ•0 COMMENTS

දරුණු හිසරදයක් හෙවත් ඉරුවාරදය (Migraine) තත්ත්වයක් හේතුවෙන් රැකියාවේ පළමු දිනයේම සේවයට වාර්තා කිරීමට නොහැකි වූ ඩැනියෙල් හෝර්ගන් (Daniel Horgan) නමැති සේවකයෙකුව, කෙටි පණිවිඩයක් මඟින් රැකියාවෙන් ඉවත් කළ “මැක්ග්‍රෙගර් ෆැබ්‍රිකේෂන්ස්” (McGregor Fabrications) සමාගමට ඩොලර් 24,000කට වඩා වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස නවසීලන්ත සේවා නියුක්ති සබඳතා අධිකාරිය (ERA) නියෝග කර තිබේ.

ඩැනියෙල් මෙම ආයතනයේ රැකියාව සඳහා තේරී පත්ව සිටි අයෙකු වූ අතර, සේවය ආරම්භ කිරීමට නියමිතව තිබූ පළමු දිනයේ උදෑසන ඔහු දැඩි ඉරුවාරද තත්ත්වයකින් අවදි වීම නිසා නියමිත වේලාවට ආයතනය දැනුවත් කිරීමට අපොහොසත් විය. ඔහු උදෑසන 7:15 වන විටත් පැමිණ නොසිටීම නිසා ආයතනයේ අධ්‍යක්ෂවරයා වන බ්‍රැඩ්ලි මැක්ග්‍රෙගර් (Bradley McGregor) ඔහුව වට්ස්ඇප් සමූහයකින් ඉවත් කර තිබුණි.

පසුව ඩැනියෙල් පෙරවරු 10:00ට පමණ තමාට ඇති වී තිබෙන අසනීප තත්ත්වය පැහැදිලි කිරීමට උත්සාහ කළද, බ්‍රැඩ්ලි විසින් “ඔයා අපේ ආයතනයට සම්බන්ධ නොවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා, අපි ලොකු කරදරයකින් බේරුණා” යනුවෙන් පවසමින් ඔහුව රැකියාවෙන් ඉවත් කර ඇති බව දන්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විභාග කළ ERA අධිකාරිය තීන්දු කළේ, සේවකයාට තම නිදහසට කරුණු කීමට නිසි අවස්ථාවක් ලබා නොදී, කිසිදු නිසි විනය පටිපාටියක් අනුගමනය නොකර කෙටි පණිවිඩ මඟින් සේවයෙන් පහ කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවයි. ඒ අනුව, ඩැනියෙල් හෝර්ගන් වෙත සිදු වූ මානසික පීඩාව සහ අහිමි වූ වැටුප් වෙනුවෙන් මෙම වන්දි මුදල ගෙවන ලෙස බ්‍රැඩ්ලි මැක්ග්‍රෙගර්ගේ සමාගමට නියෝග කෙරුණි.

මේක බලල ඔයාලත් ඉරුවාරදය හදාගන්න එපා! 😅

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *