
හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව වෙන්ව සිටීමට සිදුවූ සාෂා ටෘෆනොව් (Sasha Troufanov) සහ සැපීර් කොහෙන් (Sapir Cohen) යන ආදරණීය යුවළ, ඉශ්රායෙල් ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) සහ එම ආර්යාව ඉදිරියේ ඉතා සංවේදී මංගල උත්සවයකින් යුතුව විවාහ ගිවිසගෙන තිබේ.
2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී කිබුට්ස් නිර් ඕස් (Kibutz Nir Oz) ප්‍රදේශයේදී මෙම යුවළ එකට පැහැර ගැනීමට ලක්විය. එහිදී සැපීර් දින 55කට පසු නිදහස ලැබූ අතර, ඇගේ පෙම්වතා වූ සාෂාට දින 498ක් පුරා ගාසා තීරයේ ඉතා අසීරු සිරභාරයක පසුවීමට සිදු විය. සිරභාරයේ සිටියදී සාෂා සිතා ඇත්තේ තමා කිසිදා පණපිටින් නොඑනු ඇති බවයි. ඔහු ඇය වෙනුවෙන් යාඥා කර ඇත්තේ තමා ගැන බලාපොරොත්තු අතහැර වෙනත් ආදරයක් සොයාගන්නා ලෙසය. නමුත් සැපීර් ඇගේ සැබෑ ආදරය වෙනුවෙන් වසරකටත් වඩා වැඩි කාලයක් නොසැලී බලා සිටියාය.
අවසානයේ පසුගිය වසරේදී සාෂා නිදහස් වීමෙන් පසු මෙම යුවළ විවාහ වීමට තීරණය කළහ. ඊශ්‍රායල් ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් වන තුරු තමා කිසිදු මංගල උත්සවයකට සහභාගී නොවන බවයි. නමුත් මෙම ආදර කතාවේ සුවිශේෂී බව හේතුවෙන් ඔහු තම තීරණය වෙනස් කරමින් මංගල්‍යයට පැමිණ, යුදෙව් සම්ප්‍රදායානුකූල මනාල වියන (Chuppah) යටදී යුවළට ආශිර්වාද කළේය. “අපි ඔබ වෙනුවෙන් යාඥා කළා, ඔබ පැමිණි දවසේ ඇඬුවා, අද ඔබේ සතුට දැකීමට ලැබීම භාග්‍යයක්” යැයි පවසමින් ජනාධිපතිවරයා ඔවුන් වෙත සුබ පැතුම් එක්කර තිබේ.
ඒ නොසැලෙන ආදරයට අපෙනුත් සුභ පැතුම්! 💐♥️

0 Comments