
ජර්මනියේ බර්ලින් නුවර පිහිටි පොදු පිහිනුම් තටාක පරිශ්රයන් තුළ කාන්තාවන්ටද උඩුකය නිරුවත්ව සිටීමට එරට බලධාරීන් විසින් නිල වශයෙන් අවසර ලබා දී තිබේ. ස්ත්රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණින් ගනු ලැබූ මෙම තීරණයට අනුව, මින් ඉදිරියට පොදු පිහිනුම් තටාක භාවිත කරන ඕනෑම අයෙකුට ලිංගභේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හිමි වේ. පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට රුචි පරිදි උඩුකය නිරුවත්ව පිහිනීමට හෝ තටාක අද්දර රැඳී සිටීමට මෙමගින් නීතිමය නිදහස ලැබී ඇත.
මෙම නව රෙගුලාසිය ක්රියාත්මක කිරීමට මූලිකම හේතුව වූයේ බර්ලින්හි පොදු පිහිනුම් තටාකයක උඩුකය නිරුවත්ව සිටි කාන්තාවකට එරෙහිව එහි පාලනාධිකාරිය විසින් ගනු ලැබූ දැඩි පියවරකි. ඇයට එම පරිශ්රයෙන් ඉවත් වන ලෙස දැන්නවීම නිසා ඇය බලධාරීන්ට එරෙහිව සමාන අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ පදනම මත නීතිමය ක්රියාමාර්ග ගත්තාය. එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බර්ලින් නගර සභාව සහ පිහිනුම් තටාක පාලක මණ්ඩලය තීරණය කළේ පිහිනුම් තටාක රීති සැමට පොදු විය යුතු බවයි.
මෙම ඓතිහාසික තීරණයත් සමඟ බර්ලින් වැසියන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයන්ටද කිසිදු භේදයකින් තොරව තමන් කැමති පිහිනුම් ඇඳුමකින් සැරසී පොදු පිහිනුම් තටාක පරිශ්රයන් භාවිත කිරීමේ අවස්ථාව උදා වේ. කාන්තා අයිතිවාසිකම් සුරැකීම සහ සමාජීය සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් බර්ලින් බලධාරීන්ගේ මෙම ප්රගතිශීලී තීරණය අගය කර ඇති අතර, මෙය යුරෝපීය සමාජය තුළ පුද්ගල නිදහස තහවුරු කෙරෙන තවත් සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.

0 Comments