
විශේෂයෙන්ම, තාරානාකි කන්ද සෘජුවම දර්ශනය වන පැයට කිලෝමීටර 100ක වේග සීමාවක් සහිත ‘කෙන්ට් රෝඩ්’ (Kent Road) නැමැති ග්‍රාමීය ප්‍රධාන මාර්ගයේ සංචාරකයින් අතිශය අවදානම් සහගත ලෙස හැසිරෙන බව වාර්තා වේ. ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කරන්නන් මෙම මාර්ගය මැද Tripods තබාගෙන ඡායාරූප ගැනීම, වාහන ගමනාගමනය අවහිර කිරීම සහ ඇතැම් අවස්ථාවලදී පාර මැද දිගාවී සිටීම වැනි අදූරදර්ශී ක්‍රියාවල නිරත වන බව පොලිසිය පවසයි.
මෙම මාර්ගය කඳු ගැට සහ ඇද සහිත වංගුවලින් සමන්විත බැවින්, අධික වේගයෙන් පැමිණෙන රියදුරන්ට පාර මැද සිටින පුද්ගලයන් ක්ෂණිකව දර්ශනය නොවේ. මේ හේතුවෙන් දරුණු රිය අනතුරු සිදුවීමට ගිය අවස්ථා රැසක් මෑතකදී වාර්තා වී ඇත.
පොලිස් ප්‍රධානී මැට් ප්‍රෙන්ඩර්ගාස්ට් (Matt Prendergast) ප්‍රකාශ කළේ, “ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් යාවත්කාලීන කිරීමට ගොස් ජීවිතය පරදුවට තැබීම කිසිසේත්ම වටින්නේ නැති” බවයි. මාර්ගයේ ‘වාහන නැවතීම තහනම්’ සංඥා පුවරු සවිකර තිබුණද සංචාරකයින් ඒවා නොසලකා හරින බැවින්, එම ප්‍රදේශයේ පොලිස් මුරසංචාර තර කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ. ආරක්ෂිතව මෙම කන්ද නැරඹීමට වෙනත් ස්ථාන ඕනෑතරම් ඇති බැවින්, අනතුරුදායක ලෙස පාරවල් මැද හැසිරීමෙන් වළකින ලෙස පොලිසිය සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

0 Comments