යෙවාන් ඩේවිඩ්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ පණිවිඩයක්! ❤️🇳🇿
නවසීලන්තයේ පැවති Formula Regional Oceania Championship තරගාවලියේ පළමු වාරය ඉතා සාර්ථකව නිමා කළ අපේ රටේ වේගවත්ම තරුව,
යෙවාන් ඩේවිඩ් (Yevan David) තමන්ට ලැබුණු ආදරය ගැන සංවේදී සටහනක් තබා තිබෙනවා. 🏁🏆
🚀 අභියෝග මැද ජයග්‍රහණය කරා!
”නොපුරුදු මංතීරු, අලුත් රටක් සහ අලුත් රේසිං රථයක් සමඟ යෙවාන් මුහුණ දුන් අභියෝගය ලේසි වුණේ නැහැ. නමුත් මේ සියල්ල මැද ඔහු තම බලාපොරොත්තුවලටත් වඩා සාර්ථක ගමනක් යාමට සමත් වුණා.
🥁 “ලංකාවේ ආදරය මට පුදුමයක් වුණා!”
නවසීලන්තයට ගිය දා සිටම තරග නරඹන්න පැමිණි ලාංකිකයන් ඔහුව පිළිගත්තේ පපරේ සංගීතයෙන්! 🎷
”සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ආදරය කරන්නේ ක්‍රිකට් වලට. නමුත් රේසිං ධාවකයෙක් විදිහට මට මෙතරම් ආදරයක් සහ සහයෝගයක් ලැබේවි කියලා මම හිතුවේ නැහැ. ස්තූතියි මගේ රටේ මිනිස්සුන්ට!” – යෙවාන් ඩේවිඩ් ❤️
තම සීයා සහ පියා ගිය මඟ යමින්, ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර මෝටර්ස්පෝර්ට් කරළියේ බැබළවීම යෙවාන්ගේ එකම ඉලක්කයයි. මෙම තරගාවලිය තුළින් ඔහු ලැබූ පන්නරය ඉදිරියේදී Formula 3 (F3) සිහිනය සැබෑ කර ගැනීමට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. ⚡️🌍
ශ්‍රී ලංකාවේ නාමය ලෝකය හමුවේ ඔසවා තබන යෙවාන්ට අපේ සුබ පැතුම්! 🇱🇰🦁
#YevanDavid #YD #LankanPride #FormulaRegional #OceaniaChampionship #NewZealand #SriLanka #Motorsport #F3Dream #SriLankanTalent #lakkiwi #lakkiwinews

0 Comments