← BACKEconomy

නවසීලන්තයේ තෙල් වෙළඳපොළ හොල්ලන සුපිරි සන්ධානය!

BY Dhanush•PUBLISHED JULY 14, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ඉන්ධන ක්ෂේත්‍රයේ දැවැන්ත බලපෑමක් ඇති කරමින්, මෙරට ප්‍රමුඛතම ස්වාධීන ඉන්ධන සමාගම් දෙකක් වන Gull සහ NPD නිල වශයෙන් එකිනෙකා හා අත්වැල් බැඳගෙන තිබේ. මෙම දැවැන්ත ඒකාබද්ධ වීම හරහා ඔවුන් රට පුරා ක්‍රියාත්මක වන ප්‍රබල ඉන්ධන ජාලයක් නිර්මාණය කර ඇති අතර, එමගින් මෙතෙක් කල් මෙරට වෙළඳපොළ පාලනය කළ Z Energy, BP සහ Mobil යන ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම්වලට දැඩි තරඟකාරිත්වයක් එල්ල කිරීමට සූදානම් වේ.

මෙතෙක් කල් Gull සමාගම උතුරු දූපතේ (North Island) සිය බලය පතුරුවාගෙන සිටි අතර, NPD සමාගම දකුණු දූපතේ (South Island) ඉතා ජනප්‍රිය ඉන්ධන සපයන්නා විය. මෙම සමාගම් දෙකෙහි එකතුවීමත් සමග, උතුරු දූපතේ සහ දකුණු දූපතේ පාරිභෝගිකයන්ට එකම ජාලයකින් වඩාත් සහනදායී මිලකට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
විශේෂයෙන්ම ජීවන වියදම ඉහළ ගොස් ඇති වටපිටාවක, මෙම ස්වාධීන සමාගම් දෙකෙහි ඒකාබද්ධ වීම නිසා ඇතිවන තරඟකාරීත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල තවත් අඩු වනු ඇතැයි පාරිභෝගිකයෝ බලාපොරොත්තු වෙති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *