
නවසීලන්තයේ පවතින නිවාස හිඟයට විසඳුමක් ලෙස ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ සිට වයඹ දෙසින් පිහිටි Waimauku West ප්‍රදේශයේ නිවාස 1,500 සිට 2,020 දක්වා ඉදිකිරීමේ දැවැන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා වී තිබේ. Halberd Holdings සමාගම විසින් රාජ්‍ය මහා මාර්ග 16 අසල හෙක්ටයාර 196ක ග්‍රාමීය නිම්න භූමියක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතත්, මේ වන විට ඊට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ඕක්ලන්ඩ් ප්‍රාදේශීය සභාව (Auckland Council) මීට පෙර මෙහි ඇති දැඩි ගංවතුර අවදානම සහ යටිතල පහසුකම් මදිවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, රජයේ නව “වේගවත් අනුමැති පනත” (Fast-Track Consenting Legislation) යටතේ ප්‍රාදේශීය සභාවේ තීරණ පසෙක ලා මේ සඳහා අනුමැතිය ලබා දීමට කටයුතු කිරීම් ජනතා විරෝධය තවත් තීව්ර වීමට හේතු වී ඇත.
වඩාත්ම අවදානම් සහගත කරුණ නම් වයිමවුකු ප්‍රදේශයට රජය මඟින් සපයන පොදු ජල හෝ අපජල පද්ධති නොමැති වීමයි. ස්වභාවික පරිසරය සහ තණබිම් විශාල වශයෙන් කොන්ක්‍රීට් සහ තාරවලින් වැසී යාම නිසා වැසි ජලය පොළොවට උරා ගැනීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරී යයි. සංවර්ධකයන් විසින් ස්වයංක්‍රීය පෞද්ගලික ජලාපවහන පද්ධති සැකසීමට යෝජනා කර ඇතත්, 2023 වසරේ ඕක්ලන්ඩ් නගරයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය වැනි අධික වැස්සකදී මේවා අසාර්ථක වුවහොත් අවට පැරණි පදිංචිකරුවන්ගේ නිවාස දරුණු ලෙස ජලයෙන් යටවීමේ තර්ජනයක් පවතී.
“දැනටමත් සුළු වැස්සකදී පවා අපේ පාරවල් යටවෙනවා. නිසි යටිතල පහසුකම් නැතුව මේ වගේ ව්‍යාපෘති බලහත්කාරයෙන් පැටවීමෙන් මුළු ප්‍රදේශයම විනාශ වෙන්න පුළුවන්,” යැයි ප්‍රදේශවාසීහු පවසති. නවසීලන්තයේ මුළු නිවාසවලින් 14.5% ක්ම මේ වන විටත් ගංවතුර අවදානම් කලාපවල පිහිටා ඇති පසුබිමක, රක්ෂණ සමාගම් සහ ඉංජිනේරුවන් පවා අනතුරු අඟවන්නේ මෙය “දැන දැනම අනතුරක් ළඟා කර ගැනීමක්” බවයි.

0 Comments