
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි ප්‍රමුඛතම සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි සැලක සේවකයෙකු, ඩොලර් 630,000 ක් (නවසීලන්ත ඩොලර්) පමණ වටිනා සුපිරි ෆෙරාරි රථයක් පදවාගෙන යද්දී සිදුවූ දරුණු අනතුරකින් පසු පොලිසිය විසින් නිල අවවාදයක් නිකුත් කර තිබේ.
Newmarket ප්‍රදේශයේ පිහිටි අදාළ ආයතනයේ සේවය කරන මෙම පුද්ගලයා, මෝටර් රථයේ කාර්මික පරීක්ෂාවක් (Test run) සඳහා ධාවනය කරමින් සිටියදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුකර ගෙන ඇත. අනතුරින් මෙම අතිනවීන සුපිරි රථයට බරපතල හානි සිදුවී ඇති අතර, සිද්ධිය සැලවූ වහාම හදිසි සහන සේවා ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නවසීලන්ත පොලිසිය, මාර්ගයේ තත්ත්වය සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින් අදාළ රථය ධාවනය කළ සේවකයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී නිල ලිඛිත අවවාදයක් පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් අදාල ආයතනයේ නියෝජිතයින් පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර, තමන්ගේ ආයතනය යටතේ ඇති සියලුම සුඛෝපභෝගී වාහන පරීක්ෂා කිරීමේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගන්නා බවයි.
වාහන එක්ක ගණුදෙනු කරද්දි විශ්වාසය කියන්නෙ අංක එක. ආයතන හිමිකරු, සේවකයා සහ පාරිභෝගිකයා අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය මත තමයි සාර්ථක ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගෙන්නෙ. මෙම සිද්ධිය වාහන විකිණීමේදී වගේම හැසිරවීමේදීද අතිශය සැලකිලිමත් වියයුතු බවට සේවකයන්ට කියාදුන් හොදම පාඩමකි.

0 Comments