
පසුගියදා පැවැත්වුණු විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් කෙරෙහි ලෝකයේම අවධානය යොමු වූ අතර, එහිදී චාලට් කුමරිය (Princess Charlotte) පැළඳ සිටි සරල එහෙත් සුන්දර ස්වර්ණාභරණ විලාසිතාව ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. නිල් පැහැති ගවුමකින් සැරසී සිටි කුමරියගේ අතෙහි තිබූ සියුම් රන් චාම් අත් පළඳනාව දුටු රාජකීය රසිකයන්ට වහාම මතක් වූයේ ඇගේ අභාවප්‍රාප්ත මිත්තණිය වන ඩයනා කුමරියයි.
1981 වසරේ විවාහයෙන් පසුව එවකට චාල්ස් කුමරු විසින් ඩයනා කුමරියට මෙවැනිම රන් අත් පළඳනාවක් තෑගි කර තිබූ අතර, ශාන්ත පාවුළු දේවස්ථානයේ ආකෘතියක්, බැලේ සපත්තු යුවළක් සහ විලියම් හා හැරී කුමාරවරුන්ගේ ‘W’ සහ ‘H’ අකුරු වැනි සුවිශේෂී සලකුණු එකතු කරමින් එය නිර්මාණය කර තිබුණි.
මෙවර විම්බල්ඩන් තරගාවලියේදී චාලට් කුමරිය පැළඳ සිටි අත් පළඳනාවේ ද සිප්පි කටු හැඩැති (Shell-shaped) කුඩා රන් සලකුණු කිහිපයක් දක්නට ලැබුණු අතර, එය ඩයනා කුමරියගේ පෞද්ගලික ස්වර්ණාභරණ එකතුවට බොහෝ සෙයින් සමාන බව විචාරකයෝ පවසති. චාලට් කුමරිය මෙවැනි පළඳනාවක් භාවිතා කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය වසරේ විම්බල්ඩන් අවසන් තරගයේදී ඇය පැළඳ සිටි පැන්ඩෝරා (Pandora) අත් පළඳනාවේ ඇගේ උපන් මාසය වන මැයි මාසය නියෝජනය කරන එමරල්ඩ් (Emerald) මැණිකක් සහ ‘ද ලයන් කිං’ චිත්‍රපටයේ ‘නාලා’ ගේ රූපයක් අඩංගු විය. රාජකීය විලාසිතා නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ චාලට් කුමරිය සිය ඇඳුම් පැළඳුම් හරහා ඩයනා කුමරියගේ උරුමය ඉතා සූක්ෂ්ම හා ගෞරවනීය අයුරින් ඉදිරියට ගෙන යන බවයි.
ඇගේ අත්තම්මාට අදටත් ලෝකයක් ආදරය කරන බව පුංචි චාලට් දන්නවා නම් ඒ තමයි ඇගේ ජීවිතයේ ලොකුම ආඩම්බරය…

0 Comments