← BACKUncategorized

ඉදිරි දශකයේ ලොකුම අර්බුදයකට පෙර ඕක්ලන්ඩ් නගර සභාවෙන් ගත් ක්ෂණික විසඳුම!

BY Dhanush•PUBLISHED JULY 24, 2026•1 MIN READ•0 COMMENTS

දකුණු ඕක්ලන්ඩ් ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනය හමුවේ උග්‍ර වෙමින් පවතින සුසාන භූමි හිඟයට තිරසාර විසඳුමක් ලබාදෙමින්, නව සුසාන භූමියක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 16 ක දැවැන්ත ඉඩම් ගනුදෙනුවකට ඕක්ලන්ඩ් කවුන්සිලය (Auckland Council) අනුමැතිය ලබාදී තිබේ. ප්‍රදේශයේ පවතින සුසාන භූමිවල ඉඩකඩ සීඝ්‍රයෙන් සීමා වීම නිසා ඉදිරියේදී මතුවිය හැකි බරපතල අර්බුදයට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

කවුන්සිලයේ දීර්ඝකාලීන යටිතල පහසුකම් ප්‍රතිපාදන යටතේ සිදුකරන ලද මෙම මිලදී ගැනීම මගින් දකුණු ඕක්ලන්ඩ් හි ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි විශාල ඉඩමක් අත්පත් කරගෙන ඇති අතර, ඉදිරි දශක ගණනාව සඳහා අවශ්‍ය මිහිදන් කිරීම්, ආදාහන කටයුතු සහ පොදු උද්‍යාන පහසුකම් සපයා ගැනීමට මෙයින් හැකියාව ලැබෙනු ඇත.

මනුකාව් මෙමෝරියල් ගාඩන්ස් (Manukau Memorial Gardens) ඇතුළු දකුණු ඕක්ලන්ඩ් හි දැනට පවතින ප්‍රධාන සුසාන භූමි සියල්ලම වාගේ උපරිම ධාරිතාවයට ළඟා වෙමින් පවතින බැවින්, කඩිනමින් නව ඉඩම් අත්පත් කර නොගතහොත් ඉදිරි දශකය තුළ මියයන තැනැත්තන් මිහිදන් කිරීමට පවා ඉඩකඩ නොමැති වන බවට බලධාරීහු අනතුරු අඟවා තිබුණි. ජනතාවට තම ආගමික හා සංස්කෘතික ගෞරවයට හානියක් නොවන පරිදි ආසන්න ප්‍රදේශවලින්ම මෙම පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය මහජන සේවාවක් බව පෙන්වා දෙන නගර සභා නායකයෝ, ඉදිරි පියවර ලෙස පාරිසරික අධ්‍යයනයන් සහ මහජන අදහස් විමසීම්වලින් අනතුරුව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *