
ඔස්කාර් සම්මානලාභී සුපිරි හොලිවුඩ් නළු ලියෝනාඩෝ ඩිකැප්රියෝ, සිය සාර්ථක රංගන ජීවිතයට අමතරව ඇමෙරිකාව සහ බෙලීස් (Belize) රාජ්‍යය පුරා පැතිරුණු
දැවැන්ත අතිසුඛෝපභෝගී දේපළ වෙළඳාම් (Real Estate) අධිරාජ්‍යයක් හිමිකරගෙන තිබේ. හොලිවුඩ් හිල්ස් හි පිහිටි දැවැන්ත නිවාස සංකීර්ණයේ සිට මැලිබු වෙරළබඩ
පිහිටි සුඛෝපභෝගී නිවස දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වටිනා දේපළ රැසක් ඔහුගේ හිමිකාරීත්වය යටතේ පවතී.
ලොස් ඇන්ජලීස් හි හොලිවුඩ් හිල්ස් හි පිහිටි අක්කර පහක පමණ භූමි භාගයක පැතිරුණු ඔහුගේ ප්‍රධාන නිවාස සංකීර්ණය 1990 දශකයේදී ඩොලර් මිලියන 4කට
මඩෝනාගෙන් මිලදී ගත් නිවසකින් ආරම්භ වූ අතර, පසුව අසල ඇති වෙනත් ඉඩම් හා නිවාස කිහිපයක්ම මිලදී ගනිමින් ඔහු එය තවත් විශාල කරගත්තේය. මීට අමතරව, 2005 වසරේදී බෙලීස් වෙරළට ඔබ්බෙන් පිහිටි අක්කර 104ක
Blackadore Caye නැමැති පෞද්ගලික දූපත මිලදී ගත් ඔහු, එය පරිසර හිතකාමී සුඛෝපභෝගී සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමට
පියවර ගත්තේය.
ඔහුගේ අනෙකුත් ප්‍රධාන දේපළ අතර නිව්යෝර්ක් හි බැටරි පාර්ක් සිටි හි පිහිටි ඩොලර් මිලියන 11.6කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස දෙක, පාම් ස්ප්‍රින්ග්ස් හි පිහිටි ඩොලර් මිලියන 5.2ක අතිසුඛෝපභෝගී නිවස, ලොස් ෆෙලිස් හි පිහිටි ස්පාඤ්ඤ කොලෝනියල් මාදිලියේ නිවස මෙන්ම මැලිබු හි පිහිටි ඩොලර් මිලියන 13.75ක වෙරළබඩ නිවස සහ බෙවර්ලි හිල්ස් හි පිහිටි ඩොලර් මිලියන 9.9ක මන්දිරය ද ප්‍රධාන තැනක් ගනී.
ලියනාඩෝ ඩිකැප්රියෝ යනු සිනමා ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේද දිදුලන තරුවකි. ඔහුගේ සිනමාවන් අතරින්., ඔබ කැමතිම චිත්‍රපටය මොකද්ද කියල ඇහුවොත් මුලින්ම මතක්වෙන නම කියමු බලන්න?

0 Comments