
ඕක්ලන්ඩ් (Auckland) නගරයේ පෞද්ගලික නිවාස ව්‍යාපෘතියකින් උත්පාදනය වන අපජලය (wastewater) ලීටර් ලක්ෂ ගණනින් බෝතල් කර බවුසර් රථ මගින් උතුරු දෙසින් පිහිටි Whangārei ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ දැවැන්ත සැලසුමක් හේතුවෙන් නවසීලන්තයේ Northland කලාපය පුරා දැඩි මහජන විරෝධයක් සහ දේශපාලන කුණාටුවක් නිර්මාණය වී තිබේ. ඕක්ලන්ඩ් නගරයේ යටිතල පහසුකම් හිඟයට පිළියමක් ලෙස තමන්ගේ ප්‍රදේශය “අපජල බැහැර කරන කුණු බක්කියක්” බවට පත් කරගැනීමට ඉඩ නොදෙන බවට ප්‍රදේශයේ ජනනායකයෝ සහ පරිසරවේදීහු ප්‍රබල ලෙස අභියෝග කරති.
Myland Partners සහ Vineway Ltd සමාගම් එකතුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත Delmore නමැති මෙම නිවාස ව්‍යාපෘතිය මගින් ඕක්ලන්ඩ් නගරයේ 3,500 ක පමණ ජනගහනයකට නිවාස පහසුකම් සැලසීමට නියමිතය. 2050 වන විට ඕක්ලන්ඩ් ආර්ථිකයට ඩොලර් බිලියන 1.23 ක ශුද්ධ ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණද, නගර සභාවේ ප්‍රධාන ජල සම්පාදන ජාලයන්ට සෘජුව සම්බන්ධ වීමේ හැකියාවක් නොමැතිකම නිසා ඕක්ලන්ඩ් නගර සභාව සහ Watercare ආයතනය මෙම ව්‍යාපෘතියට නිල වශයෙන් විරෝධය පළ කර තිබුණි. ඊට පිළියමක් ලෙස, ජනාවාසයෙන් ජනනය වන අපජලය එම ස්ථානයේදීම පිරිපහදු කර, දිනකට ලීටර් 504,000 ක් දක්වා වූ ප්‍රමාණයක් බවුසර් රථ මගින් කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි වන්ගරෙයි හි Kioreroa Road හි පිරිපහදු මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සංවර්ධකයෝ යෝජනා කළහ.
මෙම තත්ත්වය හමුවේ කරුණු පැහැදිලි කළ ව්‍යාපෘති නියෝජිත Allsopp-Smith කියා සිටියේ, පළමු අදියරේ නිවාස 475 සඳහා ප්‍රවාහනය කෙරෙන්නේ දිනකට ලීටර් 197,000 ක උපරිමයකට යටත්ව බවත්, එය ගිම්හාන කාලයේදී දිනකට බවුසර් ගමන් වාර පහකට පමණක් සීමා වන තාවකාලික විසඳුමක් බවත්ය. කෙසේ වෙතත්, ග්‍රීන් පක්ෂයේ (Green Party) පාර්ලිමේන්තු මන්ත්‍රී Hūhana Lyndon ඇතුළු පිරිස චෝදනා කරන්නේ, මධ්‍යම රජයේ කඩිනම් අනුමැති ක්‍රමවේදයන් භාවිත කරමින් ප්‍රදේශයේ ආදිවාසී ජනතාව (iwi/hapū) හෝ ප්‍රාදේශීය සභාවන් නොතකා මෙවැනි තීරණ ගැනීම අනතුරුදායක පූර්වාදර්ශයක් වන බවයි. වන්ගරෙයි නගරාධිපති Ken Couper තහවුරු කළේ තාක්ෂණික වශයෙන් සිය පිරිපහදුවට එම අපජලය භාරගැනීමේ හැකියාව පැවතියද, ඒ සඳහා කිසිදු නිල ගිවිසුමකට එළඹ නොමැති බවයි. මේ පිළිබඳ අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ 2026 අගෝස්තු 10 වනදාය.

0 Comments