← BACKWeather

ඇන්ටාක්ටිකාවෙන් එන ශීතල සුළං ධාරාවෙන් නවසීලන්තයම මිදීයයි!

BY DhanushPUBLISHED AUGUST 5, 20261 MIN READ0 COMMENTS

ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් හමා එන දැඩි ශීතල සුළං ධාරාවක් හේතුවෙන් සමස්ත නවසීලන්තයම දැඩි ලෙස පීඩාවට පත් කරමින් වසරේ ශීතලම රාත්‍රින් එළඹීමට නියමිත බව එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි. මෙට්සර්විස් (MetService) සහ නිවා (Niwa) කාලගුණ ආයතන සඳහන් කරන්නේ පැහැදිලි අහස සහ මෘදු සුළං තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ උෂ්ණත්වය වේගයෙන් පහත වැටෙමින් පවතින බවයි.

දකුණු දූපතේ Otago, Southland සහ Canterbury වැනි අභ්‍යන්තර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක -5 සිට -10 දක්වා දැඩි ලෙස පහත වැටෙනු ඇති අතර, Christchurch සහ Dunedin වැනි ප්‍රධාන නගර ද දැඩි හිම පතනයකට සහ ශීතලට මුහුණ දී සිටී. උතුරු දූපතේ Taupō සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 0 දක්වා හෝ ඊට පහළට බැස යනු ඇත.
මේ හේතුවෙන් මහා මාර්ගවල කළු හිම (black ice) තැන්පත් වීම නිසා මාර්ග ලිස්සා යාමේ අවදානමක් ඇති බැවින් රියදුරන්ට ප්‍රවේශම් වන ලෙස ප්‍රවාහන බලධාරීන් දැනුම් දෙයි. නිවාස උණුසුම්ව තබා ගැනීමටත්, සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීමටත්, වැඩිහිටියන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *