← BACKImmigration Updates

 “බටහිර රටවල ජීවත් වීමට අයිතිය තියෙන්නේ කාටද?”

BY DhanushPUBLISHED FEBRUARY 3, 20261 MIN READ0 COMMENTS

බොහෝ බටහිර රටවල මේ වනවිට ඔවුන්ගේ ජනගහනයේ ඇතිවී තිබෙන සීඝ්‍ර ගා ගැඹුරු වෙනස්කම් කීපයක් ගැන ගැටළුවක් මතුවෙලා තියනවා.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ බටහිර රටවල
ආගමන (Immigration) ගැන තියෙන විවාද
අපි හිතන තරම් සරල නැහැ කියලයි විශේෂඥයන් පවසන්නේ.

🗣️

 අද දේශපාලන කතාබහේ පවා අහන්න ලැබෙන්නේ

👉

 “කාටද මෙරටට එන්න දෙන්නේ?”

👉

 “සීමා වහනවද , විවෘත කරනවද ?” වැනි ප්‍රශ්නයි.

📉

 නමුත් ඇත්තටම මෙතන සැගවුණු නමුත්
ඉතා ගැඹුරු ජනගහන වෙනස්කම් කිහිපයක් තියනවා.

👶

 දේශීය ජනගහනය අඩුවෙමින් යනවා.
බොහෝ බටහිර රටවල උපත් අනුපාතය විශාල ලෙස අඩුවෙලා.

👉

 දරුවන් අඩුවුනත් වැඩිහිටියන් ප්‍රමාණය වැඩි වෙලා.

👷

 ඒ නිසාම වැඩ කරන ජනතාව අඩුවෙමින් යනව.
රටේ ආර්ථිකය ඉදිරියට ගන්න පිටරටවලින් සේවකයින්, කම්කරුවන් ගෙන්වීම අත්‍ය අවශ්‍ය වෙනවා.

🌏

 මෙහි අතුරු ප්‍රතිඵලයක් විදියට රටේ මුහුණත වෙනත් පැත්තකට හැරෙමින් තියනව.
නව සංස්කෘතික පසුබිම්, භාෂා, ආගමික රටා.

👉

 සමහර අයට මේ වෙනස්කම් දරාගන්න අමාරුයි.ඒ නිසාම ඇතිවන විවිධ ගැටලු අපි අත්දකිමින් සිටිනවා.

🧠

 කොහොමනමුත් අවස්ථාවට හා නීතියට වඩා හැඟීම් මත පදනම් කරගත් ආගමනික විරෝධයක් ඇතිවෙලා තියනවා.
බොහෝ වෙලාවට රටේ ආර්ථිකයට වඩා “අපේ රටේ අනන්‍යතාවය මොකක්ද?” කියන හැඟීම මත ඔවුන් තීරණ ගනිමින් සිටිනවා.

📌

 නමුත් මෙහි ප්‍රධාන පණිවිඩය වන්නේ;

👉

 ආගමන විවාද කියන්නේ වීසා, සීමා හා නීති ගැන විතරක් නෙවෙයි.

👉

 ඒවා රටක අනාගත ජනගහනය, සංස්කෘතිය සහ අනන්‍යතාවය ගැන තියෙන ගැඹුරු සංවාදයක්.

🗣️

 “මෙහි ජීවත් වීමට අයිතිය තියෙන්නේ කාටද?”
කියන ප්‍රශ්නය ඉදිරියේදී බටහිර ලෝකයම මුහුණ දෙන
විශාලතම අභියෝගයක් වෙන්න පුළුවන්. මේ කාරණාවට ඔබත් එකගද? නැත්තන් මීට හාත්පසින්ම වෙනස් වූ අදහසක් ඔබට ඇත්ද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *