← BACKArt

ලෝකප්‍රසිද්ධ Apocalypto හි Gerardo දිවි ගමනට සමුදෙයි!

BY Dhanush•PUBLISHED FEBRUARY 4, 2026•1 MIN READ•0 COMMENTS

🎭 Gerardo Taracena කවුද?
Gerardo Taracena කියන්නේ මෙක්සිකෝවෙන් උපන් ප්‍රසිද්ධ නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිලිපියෙක්.
ඔහු 1970 මාර්තු 27 දින මෙක්සිකෝ නගරයේ උපන් ලබනවා.

🎬 Apocalypto චිත්‍රපටයේ කාටත් අමතක නොවන රූපය.
2006 දී Mel Gibson විසින් අධ්‍යක්ෂණය කළ Apocalypto චිත්‍රපටයෙන් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත් වුණා.
එම චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම විශිෂ්ට සහ මතකයේ රැඳෙන එකක් වූ බවට බොහෝ දෙනා අගය කළා.

🌍 ඔහු දායක වූ වෙනත් නිර්මණ
Apocalyptoට අමතරව,
• Narcos: Mexico (Netflix)
• Man on Fire
• The Mexican
• Sin Nombre
වැනි ජාත්‍යන්තර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක ඔහු රඟපෑවා.

🏆 ඔහු ලැබූ සම්මාන
මෙක්සිකෝයේ ප්‍රසිද්ධ සිනමා සම්මානයක් වන Ariel Award එකත් ඔහු ලබාගෙන තියෙනවා.
එය රංගනශිල්පියෙකු ලෙස ඔහුගේ දක්ෂතාවයට ලැබුණු විශාලම ගෞරවයක්.

💔 ඔහුගේ හදිසි අභාවය
Gerardo Taracena මහතා 2026 ජනවාරි 31 දින වයස අවුරුදු 55ක් දිවිගෙවා අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ අභාවය මෙක්සිකෝ නළුවන්ගේ ජාතික සංගමය (ANDA) විසින් නිල වශයෙන් තහවුරු කළා.

⚠️ මරණයට හේතුව
මුලින් මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළේ නැති වුණත්,
පසුව ලැබුණු තොරතුරු අනුව,
ඔහුට හෘදයාබාධයක් (heart attack) සිදුව ඇති බව සඳහන් වෙනවා.

🌹 අවසන් සමුගැනීම
ඔහුගේ අභාවයත් සමඟ ලොව පුරා සිටින රසිකයන් සහ කලාකරුවන්
Gerardo Taracena මහතාට ගෞරවය සහ ශෝකය පළ කරමින් සිටිනවා.

🎬 ඔහු පන පෙවූ චරිත, ඔහුගේ හඩ, ඔහුගේ රංගන කුසලතාව සිනමා ඉතිහාසයේ සදාකාලිකව ජීවමාන වෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *