← BACKUncategorized

කුඩා දරුවන් එක්ක සෙල්ලම් කරද්දි ඔවුන්ගේ ජීවිත ගැනත් අවධානය දෙන්න.

BY DhanushPUBLISHED FEBRUARY 9, 20261 MIN READ0 COMMENTS

​Northland සිදු වූ අවාසනාවන්ත අනතුරක් මුල් කරගනිමින් පොලිසිය සහ බලධාරීන් එක්ව සියලුම දෙමාපියන් වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

​මොකක්ද වුණේ? 🏍️

​පියා විසින් ධාවනය කරන ලද ඩර්ට් බයිසිකලයක් (Dirt Bike) අනතුරට පත්වීමෙන්, වයස අවුරුදු 3ක කුඩා දරුවෙකුගේ මුහුණට බරපතළ තුවාල සිදු වී තිබේ.

​අපි හිතන්න ඕන දේවල්.

​තීරණ ගැනීමේ හැකියාවක් නැති දරුවන්.

“මට බයයි, මේක අනතුරුදායකයි” කියා ප්‍රතික්ෂේප කිරීමට මේ කුඩා දරුවන්ට හැකියාවක් නැත. දෙමාපියන් විනෝදයක් යැයි සිතා කරන දේ දරුවන්ගේ මුළු ජීවිතයම අඳුරු කළ හැකිය.

බොහෝ දෙනා තමන් දක්ෂ ධාවකයින් යැයි සිතුවද, ක්‍රමවත් පුහුණුවක් හෝ අත්දැකීමක් නොමැති වීම නිසා වීදි පුරා අනතුරුදායක ලෙස රිය පදවයි.

CCTV ආධාරයෙන් වැරදිකරුවන් හඳුනා ගන්නා අතර, බයිසිකල් මාස 6ක් දක්වා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත.

​”ඔබට එය විනෝදයක් විය හැකියි, නමුත් බරපතළ තුවාල ලැබූ දරුවෙකු දෙස බලා සිටීම කිසිසේත්ම විනෝදජනක නැත.” – Armstrong (පොලිස් නිලධාරී)

📍 ඔබේ දරුවාගේ ආරක්ෂාව ඔබේ වගකීමයි! පාරවල් සහ පදික වේදිකා ධාවන පථ ලෙස භාවිතා කරමින් දරුවන්ගේ අනාගතය පරදුවට තබන්න එපා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *