
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Rich Dad Poor Dad’ මූල්‍ය කළමනාකරණ ග්‍රන්ථයේ ලේඛක රොබට් කියොසාකි , තමන් මේ වන විට ඩොලර් බිලියන 1.2ක දැවැන්ත ණය කන්දකට යටවී සිටින බව හෙළි කර තිබේ.
තමන්ගේ රියල් ස්ටේට් ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනගා ඇත්තේ මෙම දැවැන්ත ණය මුදල මත පදනම්ව බව පවසන 79 හැවිරිදි කියොසාකි, ධනවතුන් තව තවත් ධනවත් වන්නේ ආදායම් උපයන දේපළ මිලදී ගැනීමට මෙලෙස ණය මුදල් ලබාගැනීමෙන් බව සඳහන් කරයි.
දේපළවල වටිනාකම ඉහළ යන විට ඒවා විකුණා බදු ගෙවනවා වෙනුවට, එම දේපළ ඇපයට තබා නැවත ණය ලබාගැනීම හරහා බදුවලින් නිදහස් ආදායමක් උපයන බවත්, එකින් එක ව්‍යාපාර වෙන් වෙන්ව පවත්වාගෙන යාමෙන් අවදානම අවම කරගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, නියම මූල්‍ය අධ්‍යාපනයක් නොමැතිව තමන් කරන මෙම ණය ලබාගැනීමේ ක්‍රමය අන් අය අනුකරණය නොකළ යුතු බවටද ඔහු අනතුරු අඟවයි.
රොබට් මෙලෙස ‘ඩොලර් බිලියන 1.2ක ණයක්’ ඇති බව ප්‍රසිද්ධියේ පවසන්නේ මාධ්‍යයේ සහ ජනතාවගේ අවධානය තමන් වෙත ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස බවද මේ සම්බන්ධ්ව අදහස් දක්වන්නන් වැඩිදුරටත් හෙළි කර ඇත.

0 Comments