
නවසීලන්තයේ එළඹෙන මහ මැතිවරණය අභියස ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ පවතින දැඩි කලකිරීම සහ අපේක්ෂා භංගත්වය මනාව පැහැදිලි කරන පුවතක් වාර්තා වේ. නවසීලන්ත නාලිකාවක විකාශනය වූ ‘State of the Nation’ වැඩසටහනට අදහස් දක්වමින් උතුරු දූපතේ (North Island) වෙසෙන 34 හැවිරිදි කලාකාරිනියක සහ දෙදරු මවක කියා සිටියේ, තමන් අතීතයේ සහය දුන් Labour සහ Green වැනි ප්‍රධාන පක්ෂ කෙරෙහි තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බැවින් මෙවර සුළු දේශපාලන පක්ෂයකට ඡන්දය දීමට තීරණය කළ බවයි.
COVID-19 වසංගත සමයේ පැනවූ එන්නත් නියෝග සහ වර්තමාන ලේබර් පක්ෂ නායක Chris Hipkins ක්‍රියාකලාපය නිසා තමන් දේශපාලනිකව අනාථ වූ බව පවසන ඇය, වත්මන් ජාතික පක්ෂ (National Party) ප්‍රමුඛ හවුල් ආණ්ඩුවේ තීරණ ද දැඩි ලෙස විවේචනය කළාය. විශේෂයෙන්ම ගෑස් සහ තෙල් ගවේෂණ තහනම ඉවත් කිරීම, කලා ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන කැපීම සහ පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති අතහැර දැමීම කෙරෙහි ඇගේ දැඩි අකමැත්ත පළ කර සිටියාය.
මීට අමතරව කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්තිය සහ පැරිස් දේශගුණික ගිවිසුමේ ප්‍රායෝගික භාවය පිළිබඳව ද සැක පහළ කරන ඇය, මෙවර NZ Outdoors & Freedom Party වැනි විකල්ප පක්ෂයකට සහය පළ කිරීමට සූදානම් වන අතර, මෙය නවසීලන්තයේ සාම්ප්‍රදායික ඡන්දදායකයන් සුළු පක්ෂ දෙසට යොමු වීමේ ප්‍රවණතාව මනාව පෙන්නුම් කරයි.
නවසීලන්තයේ නව දේශපාලන පෙරළිය ගැන ඔබේ අදහස කුමක්ද?

0 Comments