
අඩි ගණනාවක් ඉහළ අහසේ සිට සිදු කරන ලද අනතුරුදායක පැරෂුට් පැනීමේ (base jump) අසාර්ථක උත්සාහයක් හේතුවෙන් ඕක්ලන්ඩ් (Auckland) නගර මධ්‍යයේ තට්ටු 23 කින් යුත් අධිසුපෝඛබෝගී හෝටල් ගොඩනැගිල්ලක එල්ලෙමින් සිටි 22 හැවිරිදි බෙල්ජියම් ජාතික සංචාරකයෙකු මුදා ගැනීමට නවසීලන්ත සහන කණ්ඩායම් සමත් වී තිබේ. අඟහරුවාදා රාත්‍රියේ ඇල්බට් වීදියේ (Albert Street) පිහිටි මෙම හෝටල් ගොඩනැගිල්ලෙන් සිදු කළ පැනීමේදී පැරෂුටය කැරකී ගොස් ගොඩනැගිල්ලේ යකඩ බාධකයක පැටලීම නිසා මෙම තරුණයා එහි සිරවී ඇති අතර, පසුව හදිසි අංශ සහ ගිනි නිවීම් සේවා ඒකක එක්ව ඩොලර් 20,000 කට ආසන්න වටිනාකමකින් යුත් වීදුරු පැනලයක් කඩා දමා ඔහුව නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කළේය.
කෙසේ වෙතත්, මෙම තරුණයා මෙම මස මුලදී ඕක්ලන්ඩ් හි පිහිටි මීටර් 187 ක් උසැති ඉදිකෙරෙමින් පවතින සීස්කේප් (Seascape) කුලුනෙන්ද අවසරයකින් තොරව පැන වීඩියෝ ගත කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇති බවත්, මෙවැනි අමනෝඥ ක්‍රියා මගින් පදිකයන්ගේ සහ හෝටල් පාරිභෝගිකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කළ බවත් පොලිස් පරීක්ෂක ග්‍රේ ඇන්ඩර්සන් (Grae Anderson) ප්‍රකාශ කළේය. මෙම සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයාට එරෙහිව ඇතුළුවීමේ අක්‍රමිකතා සහ ඇතුළු වී අලාභහානි සිදුකිරීම (burglary) යටතේ චෝදනා ගොනුකර ඇති අතර, ඔක්තෝබර් 27 වනදා ඔහුව ඕක්ලන්ඩ් දිසා අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

0 Comments