← BACKImmigration Updates

⚠️ ICL Graduate Business School තහනම සහ වගකීම් විරහිත ඒජන්සිවල සැබෑ නිරුවත!

BY Dhanush•PUBLISHED OCTOBER 22, 2026•1 MIN READ•1 COMMENTS

මෙම විශේෂ ලිපිය නවසීලන්තයට ගොස් උසස් අධ්‍යාපනය ලබා තම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට පෙරුම් පුරන තරුණ තරුණියන්ගේ සහ ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයේම ඉතිරිකරගත් මුදල් කැපකරන දෙමාපියන්ගේ අවධානය පිණිසයි!

සිහින මවන වෙළඳ ප්‍රචාරණ සහ ව්‍යාජ පොරොන්දුවලට මුවා වී ඔබේ අනාගතය අඳුරු කිරීමට මාන බලන බලපත්‍රලාභී හෝ නොවන “කළු කඩ” ඒජන්සිවල සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට කාලය එළඹ ඇත.

නවසීලන්ත සුදුසුකම් පාලන අධිකාරිය (NZQA) මගින් 2026 ඔක්තෝබර් 21 වන දින ICL Graduate Business School වෙත බරපතල අනුකූලතා නිවේදනයක් (Compliance Notice) නිකුත් කර ඇත. මින් අදහස් වන්නේ එම ආයතනය විසින් පවත්වාගෙන ගිය ප්‍රධානතම පාඨමාලා ගණනාවක ප්‍රමිතිය සහ නීතිමය පදනම පිළිබඳව විශාල ගැටලු මතු වී ඇති බවයි.

මෙම තහනම හමුවේ ICL ආයතනයට පහත සඳහන් Master of Management ඇතුළු උපාධි පාඨමාලා රැසක් සඳහා අලුතින් සිසුන් ඇතුළත් කරගැනීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුව ඇත.

❌Master of Management
❌Master of Management (Healthcare)
❌Master of Management (Marketing)
❌Master of Management (Supply Chain and Logistics Management)
❌Master of Management (Construction Project Management)
❌Master of Management (Project Management)
❌Master of Management by Thesis

විශ්වවිද්‍යාලයක් ලෙස උසස් ප්‍රමිතියක් පවත්වා ගැනීමට අපොහොසත් වීමෙන්, අද වන විට දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිව මෙයට අයදුම් කළ අහිංසක සිසුන්ගේ කාලය, මුදල මෙන්ම අනාගතයද අගාධයකට ඇද දමා ඇත.

මෙම බරපතල තත්ත්වය හමුවේ නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව (INZ) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තදින් නීතිය ක්‍රියාත්මක කර ඇත. එමගින් සිසුන් තවදුරටත් දැඩි අපහසුතාවයට පත්වී ඇත්තේ මෙසේය.

❌ වීසා ලැබී තවමත් පිටත්ව නොගිය සිසුන්: ඔබට එම වීසා බලපත්‍රය මත නවසීලන්තයට ඇතුළු විය නොහැක. ඔබේ ගමන එතැනින්ම නතර වේ!

❌ වීසා අයදුම්පත් යොමුකර පරීක්ෂා වන සිසුන්: එම අයදුම්පත් ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

❌ දැනටමත් නවසීලන්තයට පැමිණ සිටින සිසුන්: හදිසි වීසා කොන්දේසි වෙනස් කිරීම් (Variation of Conditions) සඳහා යොමු වීමට සිදුව ඇත.

තමන්ගේ පාඨමාලාවේ ප්‍රමිතිය රැකගැනීමට අපොහොසත් වූ ආයතනයක් නිසා අද වන විට සිය ගණනක් සිසුන්ට වීසා අහෝසි කරගැනීමට හෝ නැවත මුල සිට වෙනත් පාඨමාලා සෙවීමට සිදුවී තිබේ.

මෙහි ඇති බරපතලම සහ කනගාටුදායකම කාරණය වන්නේ මෙයයි. මෙම නීතිමය තහනම සහ පාඨමාලාවල ඇති නුසුදුසු බව දැනසිටි සැබෑ වෘත්තීය සහ වගකීම් සහගත ඒජන්සි විසින් ICL ආයතනයට සිසුන් යොමුකිරීම පෙරසිටම නතර කර ඇත. ඔවුන්ට මෙම ලිපියෙන් ස්තූතිවන්ත වන අතරතුරම තමන්ගේ කොමිස් මුදල සහ ලාභය ගැන පමණක් සිතන, සිසුන්ගේ අනාගතය බිලිදෙන ඇතැම් නොසැලකිලිමත් ඒජන්සි තවමත් මෙම තහනම් පාඨමාලා සඳහා සිසුන් යොමු කිරීමට තරම් මසුරු වී ඇත. මේ අතරින් බලපත්‍රලාභීන් යැයි කියන ඇතැම් පිරිසක් නවසීලන්තයේ සිටද ශිෂ්‍ය වීසා මෙහෙයවනු ලබයි.

මෙවැනි ආයතනවල පවතින නීතිමය ගැටලු සඟවමින්, ව්‍යාජ පොරොන්දු මවමින් සිසුන්ව උගුලට හසුකර ගැනීමින් අවසානයේ වීසා ප්‍රතික්ෂේප වී, රටට ඇතුළු වීමට නොහැකි වී සහ ලක්ෂ ගණනින් මුදල් හා කාලය නිරපරාදේ විනාශ වී සිසුන් නන්නත්තාර වෙයි.

ආදරණීය දරුවනු, දෙමාපියනි… ඔබේ අනාගතය අත්හදා බැලීම් සඳහා වෙනත් අයට භාර නොදෙන්න. නවසීලන්තයට යාමට ප්‍රථමයෙන් මේ කරුණු ගැන දෙපාරක් සිතන්න.

❌ මුහුණුපොතේ හෝ මාධ්‍යවල දකින අලංකාර දැන්වීම්වලට වඩා, අදාළ විශ්වවිද්‍යාලයේ නීතිමය සුදුසුකම් සහ NZQA පිළිගැනීම පිළිබඳව තනිවම සොයා බලන්න.

❌ මුදලට පමණක් මුල්තැන නොදෙන, ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම්, පළපුරුද්ද සහ සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති වගකීම් සහගත උපදේශන ආයතනයක් පමණක් තෝරාගන්න.

❌ ඔබ දහඩිය මහන්සියෙන් උපයන මුදල් අසාර්ථක ආයතනවලට පූජා නොකරන්න.

‼️ අවසානයේ ඔබට වැරදුණු පසු මේ කිසිවෙක් ඔබ වෙනුවෙන් නොමැති බව තරයේ මතක තබාගන්න.

මෙම සත්‍යය තවමත් නොදන්නා, තමන්ගේ අධ්‍යාපන සිහිනය වෙනුවෙන් වෙහෙසෙන අහිංසක සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය හැකිතාක් Share කර ඔවුන්ව දැනුවත්කරන්න!

1 Comments

One Response

  1. I have received numerous inquiries from students associated with ICL concerning their visa processes and experiences with studying in New Zealand. One of the most concerning issues raised is how some students appear to have enrolled in master’s degree programmes despite having very limited English-language proficiency and little understanding of the courses they have chosen.

    These concerns raise important questions about the way international students are recruited, the responsibilities of education agents and education providers, and whether students are receiving the information they need before making substantial financial commitments.

    Are students making informed decisions about their education?

    Master’s degree programmes require students to engage with complex academic material, conduct independent research, write critically and communicate effectively in English. For many New Zealand universities, an IELTS Academic score of 6.5 or higher is a common minimum requirement for postgraduate admission, while some programmes require 7.0 or 7.5. The applicable requirements depend on the institution and qualification.

    English-language requirements should not be treated as a mere formality. They exist to help ensure that students can understand lectures, complete assignments, conduct research and succeed in their studies.

    Education agents can provide a valuable service by helping students understand admission requirements, compare institutions and navigate application processes. Many work professionally and genuinely in the interests of students.

    However, concerns arise when recruitment and commission arrangements potentially influence the advice students receive.

    Some students may be encouraged to enroll in master’s programmes without fully understanding the subject matter, the academic requirements or the relevance of the qualification to their previous studies and future employment. Others may not receive adequate advice about their existing qualifications, possible career pathways or the immigration implications of their choices.

    If financial incentives influence recommendations at the expense of students’ interests, that is a serious problem requiring greater transparency and scrutiny.

    For many international students, coming to New Zealand involves considerable sacrifice. Families may borrow money, sell property or use their savings to fund tuition fees, living expenses and travel. Some students arrive with partners and children, expecting that their qualifications will help them establish a stable future.

    Students may discover that the programme is more difficult than they expected, that their English is insufficient for the academic workload, or that employment opportunities are more limited than they anticipated. They may struggle to support their families while studying and find that the financial burden becomes overwhelming.

    A New Zealand qualification does not automatically guarantee employment, a work visa or residence. Immigration settings change, and eligibility depends on the rules in force at the relevant time, the individual’s circumstances and the particular pathway available.

    It is therefore irresponsible for any adviser to create unrealistic expectations about future employment or residence outcomes.

    What Student need to do?
    Read the entry requirements carefully, including English-language standards and academic prerequisites.

    Understand the course content and confirm that it aligns with their previous qualifications, experience and genuine career interests.

    Ask about total tuition fees, living costs, refund policies and the financial consequences of withdrawing or failing to complete the programme.

    Check the institution’s official information about international student support, academic expectations and available qualifications.

    Research employment opportunities and understand that completing a qualification does not guarantee a job or residence.

    Check current immigration requirements directly through Immigration New Zealand rather than relying solely on an agent’s assurances.

    Keep copies of all applications, offers, payment receipts and written advice received from agents and institutions.

    Students can contact universities and colleges directly to ask questions and submit applications. An education agent is not automatically necessary. Where a student chooses to use one, they should understand the services being provided, the fees involved and any commercial relationship the agent has with the institution.

    New Zealand’s international education sector should be built on genuine academic achievement, informed student choice and responsible recruitment. Education providers must ensure that admission requirements are meaningful, while agents should provide accurate, transparent advice that prioritises students’ interests.

    Institutions should also examine whether their recruitment practices adequately protect students who may be vulnerable because of language barriers, limited knowledge of New Zealand or a lack of independent advice.

    Regulators and relevant authorities should consider whether existing oversight is sufficient to identify and address recruitment practices that place commercial interests ahead of students’ welfare.

    The issue is not whether international students should come to New Zealand. International education can create valuable opportunities for students and make a positive contribution to this country. The issue is whether students are being given a fair opportunity to make informed choices and succeed once they arrive.

    A student’s future should not become a source of commission-driven recruitment. Before choosing a qualification, students must understand what they are studying, why they are studying it, whether they are academically prepared, and what realistic opportunities it may offer. They should make those decisions based on reliable information rather than promises.

    Education is an investment in a person’s future. It deserves careful consideration, honest advice and a system that puts students’ interests first.

Leave a Reply

Your email address will not be published.Required fields are marked *