← BACKCrime

අවුරුදු 18ක් තිස්සේ ආදරෙයි කියලා පිරිමියෙක් රැවටූ නවසීලන්ත කාන්තාව — නවසීලන්තයේ දිගම Romance Scam නඩුව!

BY DhanushPUBLISHED FEBRUARY 17, 20261 MIN READ0 COMMENTS

ඔක්ලන්ඩ් නගරයේ අවුරුදු 44 හැවිරිදි කාන්තාවක්, අවුරුදු 18ක් එක දිගටම බොරු ප්‍රේම සම්බන්ධතාවයකින් මුදල් කොල්ලකාලා.මෙලෙස ඇය 2006 සිට 2024 දක්වා කාළය තුළ NZ$ 517,000ක් (ඩොලර් මිලියන බාගෙකටත් වඩා) පිරිමියෙකු රවටා ලබාගත් බවට චෝදනා ලැබී තිබේ. 😳
🔴 මෙය නවසීලන්ත ඉතිහාසයේ Local Romance Scam නඩු කාණ්ඩයේ පළමු නඩුව ලෙස සැලකේ.

👀 සිද්ධිය වෙලා තියෙන්නෙ කොහොමද?

කාන්තාව Dunedin නගරයේ පිරිමියෙකු සමග ආරම්භ කළ ප්‍රේම සබඳතාවක්.(scam එකක්) ඔහු කිසිවිටෙකත් ඇයව සැකකරල නැහැ.

අවුරුදු 18කාලයක්, online හරහා ඔවුන් ආදරේකරල. විටින් විට විවිධ හේතු කියා මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවෙලා.

😲 Kiwi රහස් පරීක්ෂකවරයා කියන කතාව

Detective Senior Sergeant Craig Bolton කියාසිටියේ:

“මම වසර 3ක් මේ රාජකාරියේ සිටිනවා. දේශීය පුද්ගලයෙක් Romance Scam කරපු පළමු වතාව මේක!” 😳
“අපිට සාමාන්‍යයෙන් offshore scam අහු වෙන්න පුළුවන්, නමුත් නවසීලන්තයෙන් මෙහෙම දෙයක් වාර්තාවීම හරි පුදුම හිතෙන සිදුවීමක්.”

👨‍⚖️ නඩු විභාගයෙන් පසුව ඇයව ඊළග නඩුබ්වාරයෙ තෙක් ඇප පිට නිදහස් කරලා. ඇයට තාවකාලික නාමය වසන් කිරීමේ අවස්ථාවකුත් ලබාදීලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කිසිවිටෙකත් online ඇසුරු කරන පුද්ගලයන් විශ්වාස කරන්න යන්න එපා. මේක ආදරයෙදි විතරක් නෙමෙයි, විවිධ ස්වරූප වලින් එන්න පුළුවන්. ඒ නිසා නිතරම සියල්ල ගැන තීක්ෂණ බුද්ධියක් ඇතුව හිතන්න.

රැවටෙනවා කියල මෙහෙමත් රැවටෙන්න පුළුවන්ද? ඔයාගෙත් මෙහෙම රැවටුන යාළුවෙක් ඉන්නව නම් පහළින් mention කරන්න. 😄

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *