← BACKCrime

නෙල්සන් උසාවියම කම්පා කළ නඩුව.

BY DhanushPUBLISHED FEBRUARY 18, 20261 MIN READ0 COMMENTS

“රහස් රෝගයකින් පෙළුණු බිළිඳා” – මවට එරෙහි බරපතල චෝදනා.

නවසීලන්තයේ Nelson High Court හි මේ දිනවල විශාල අවධානයක් දිනාගත් නඩුවක් පැවැත්වෙමින් තිබෙනවා.

මෙම නඩුවේදී, එක් මවක් තම කුඩා බිළිඳාට ඉතා බරපතල රෝග තත්ත්වයන් ඇති කරමින් “Medical Child Abuse” සිදු කළාදැයි යන චෝදනා මත විභාගයට ලක්ව ඇත.

🧒 බිළිඳාගේ අසාමාන්‍ය රෝග තත්ත්වය

වෛද්‍යවරුන් පවසන්නේ බිළිඳා දිගු කාලයක් තිස්සේ:

👉🏻බර අඩුවීම

👉🏻නිතරම රෝගී වීම

👉🏻ආහාර ගැනීමට නොහැකි වීම

👉🏻ශරීර වර්ධනය නැවතීම (“failure to thrive”)

වැනි ගැටලු වලින් පෙළුණ බවයි.

🏥 විශාල රෝහල් ප්‍රතිකාර… නමුත් කිසිදු හේතුවක් සොයාගෙන නැහැ!

මෙම බිළිඳා සම්බන්ධයෙන් සිදුකර ඇති වෛද්‍ය පරීක්ෂණ ගණන ඇසූ විට කෙනෙකුට අසරණ හැඟීමක් ඇතිවෙයි.🥺

✅ වෛද්‍ය සායන වලට යොමුකිරීම් – 26 වතාවක්

✅ රෝහලට ඇතුළත් කිරීම් – 28 වතාවක්

✅ ශල්‍යකර්ම – 13 ක්

✅ ස්කෑන් සහ ඡායාරූප පරීක්ෂණ – 44 ක්

✅ ලැබ් පරීක්ෂණ – 1000කට වැඩි

නමුත් මේ තරම් දේ කළත්, වෛද්‍යවරුන්ට නිවැරදි රෝග හේතුවක් සොයාගත නොහැකිවී ඇත.

⚠️ පසුව “Medical Child Abuse” සැකය උදාවෙයි 🤯

වෛද්‍යවරුන් පවසන්නේ අවසානයේදී:

👉🏻MRI පරීක්ෂණවලින්ද හේතුවක් නොපෙනීම

👉🏻රෝගය නැවත නැවත උත්සන්න වීම

👉🏻IV පෝෂණය (intravenous feeding) දක්වා යාම

👉🏻රුධිරයේ අතිශය බක්ටීරියා ආසාදන (sepsis) හමුවීම

⚠️මෙම සියල්ල නිසා “මෙය සාමාන්‍ය රෝගයක් නොවෙයි” යන සැකය මතුවී ඇති බවයි.

වෛද්‍යවරයෙකු එය “බැක්ටීරියා වනාන්තරයක් වගේ වැඩිවුණා” යනුවෙන් විස්තර කර ඇත.😔

👩‍⚖️ මවට එල්ල වී ඇති චෝදනා

මෙම මව (දරුවාගේ ආරක්ෂාව සඳහා නම සඟවා ඇත) මුහුණ දී ඇති චෝදනා;

🔹 දරුවාට අයුතු ලෙස සැලකීමේ චෝදනා – 4ක්

🔹 දරුවාට රෝග ආසාදනය කිරීමේ චෝදනා – 3ක්

අධිකරණය ඉදිරියේ ඇය වැරදිකරු බව පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

🕵️ පොලිස් පරීක්ෂණයත් ඇරඹෙයි.

වෛද්‍යවරුන්ගේ “medical child abuse” තීරණයෙන් පසුව:

✅ පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත

✅ සාක්ෂිකරුවන් 58 දෙනෙකු පමණ නඩුවේ සාක්ෂි දීමට නියමිතයි.

✅ නඩුව සති කිහිපයක් පුරා දිග හැරෙනු ඇත.

අම්ම යන උත්තරීතර පදවියට නිගරු කරන මෙවැනි මව්වරුන්ද කෙතරම් ලොවේ ඇත්ද? කෙසේ වෙතත් නඩු විභාගය තවමත් අවසන් නැති බැවිත් නිශ්චිත තීරණයකට එළබිය නොහැක?

මේ ගැන ඔබට හිතෙන්නෙ කොහොමද? දරුවෙක් ලෙඩ උනාම ලෝකෙම කඩන් වැටුන වගේ දැනෙන අම්මලාට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *