
කොන්ත්රාත්කරුවෙකුගේ වැරැද්දක් නිසා ඉන්ටර්නෙට් කපලා!
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ පිහිටි Burnside High School (නගරයේ විශාලතම පාසල්වලින් එකක්) හදිසියේම පාසල් කටයුතු නවතා දමන්න සිදුවී තිබේ.
හේතුව නම්, අසළ සිදුකරමින් තිබූ වැඩකදී කොන්ත්‍රාත්කරුවෙකු අතපසුවීමකින් පාසලේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය කපා දැමීමයි.
පාසලට ඇති වූ බලපෑම මොකද්ද?
මෙම අන්තර්ජාල බිඳවැටීම සාමාන්‍ය Wi-Fi ගැටලුවක් නොවෙයි.
ඒ නිසා පාසලේ වැදගත් පද්ධති කිහිපයක්ම අක්‍රිය වී ඇත:
සිසුන්ගේ ලියාපදිංචි සහ පාලන පද්ධති
පාසල් ඉගෙනීමේ කටයුතු සඳහා භාවිත කරන ඩිජිටල් සේවා
ගිනි ආරක්ෂක පද්ධති නිරීක්ෂණ සේවා (fire monitoring)
මෙම තත්ත්වය නිසා පාසල සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම අපහසු වුණා.
සිසුන්ට දුන් විශේෂ දැනුම්දීම!
පාසල විසින් සිසුන්ට දැනුම්දී තිබුණේ:
අද දින පාසලට නොඑන්න
ගෙදර සිට online learning කරන්න. යනුවෙනි.
සිසුන්ට Schoology නමැති ඔන්ලයින් පද්ධතිය ඔස්සේ පාඩම් කරගෙන යාමට උපදෙස් ලබා දී ඇත.
සිදුවීම වුණේ කොහෙද?
මෙම වැරැද්ද සිදුවී ඇත්තේ
Greers Road ප්‍රදේශයේ ජල නල ප්‍රතිස්ථාපන (water-main replacement) වැඩකදී බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එක අත් වැරද්දකින් මුළු පාසලකම ඉගෙනීමට බාධා එල්ලවුනා. ඒ නිසා ඔබ කරන ක්‍රියාවල අත්වැරදීමකින් නොහිතන විදියෙ අතුරුඵල ලැබෙන්න පුළුවන්. ඒ නිසා නිතරම සිහියෙන් ඉන්න කියල ඔබට මතක් කරන ගමන් අපේ lakkiwi ෆේස්බුල් පිටුව තවම follow කරල නැත්තන් follow කරල තියාගන්න කියලත් මතක් කරනවා.ඔබට වැදගත් බොහෝ දේ අපි දිනපතා ඔබ ළගටම ගෙන එන්නම්.

0 Comments