← BACKEnvironment

නවසීලන්තයට Summer buzz Festival එකක්!මොකද්ද මේ අමුතු කතාව?

BY DhanushPUBLISHED FEBRUARY 19, 20261 MIN READ0 COMMENTS

මේ කාලේ “Summer Buzz” එක අතිශයින්ම වැඩි වෙලා!

ඔබ නවසීලන්තයේ ඉන්නවා නම් මේ දවස්වල ඇහෙන තද buzzing sound එක ඔබටත් ඇහෙන්න ඇති.

ඒ ශබ්දය එන්නේ…
👉 Cicadas කියන කුඩා කීටයන්ගෙන්!

RNZ වාර්තාවට අනුව, මේක සාමාන්‍ය දෙයක් — නමුත් මේ කාලේ එය වැඩි වෙලා දැනෙන්නේ ඇයි කියලා හොයල බලමු.

🔥 මේක “Peak Summer Season” එක නිසා සද්දෙ ටිකක් වැඩි වෙලා.

📌 Cicadas සාමාන්‍යයෙන් පෙනී එන්නේ දෙසැම්බර් අග සිට මාර්තු දක්වා, විශේෂයෙන්ම February කාලේදී.

👉🏻උණුසුම් කාලගුණය වැඩි වීමත් එක්ක ඔවුන්ගේ activity එක ඉහළ යනවා.

⏳ Cicadas ජීවිතයේ වැඩි කොටසක් ගතකරන්නේ පොළොව යට.

ඔබ දන්නවද?

🦗 Cicadas තම ජීවිතයේ බොහෝ කාලයක් පොළොව යට nymph කෙනෙක් ලෙස ජීවත් වෙනවා.

👉🏻එයට වසර 2–3ක් පමණ කාළයක් වුනත් ගතවෙන්න පුළුවන්.

👉🏻ඉන්පසු උණුසුම් කාලේදී ඔවුන් පොළොවෙන් එළියට එනවා.

🎵 මේ ශබ්දය මොකක්ද?

👉🏻මෙම “buzzing” ශබ්දය කිසිම අහම්බයක් නෙමෙයි.

👉🏻මේක male cicadas කරන mating call එකක්.

📌 Female cicadas ශබ්ද කරන්නෙ නැහැ.
පිරිමි සතා තමයි ගෑහැණු සතෙක්ව ආකර්ෂණය කරගන්න මේ තරම් හඩක් දාන්නේ. (අපේ නම් සද්දෙ වැඩි ගැහැණු සත්වයන්ගෙ නේද? ) 😌

🛠️ ඔවුන්ට මේ ශබ්දය හදන්න තියෙන විශේෂ “Sound Organ” එක tymbal කියන විශේෂ පටලයක් භාවිතා කරලා.

👉🏻එය ඔවුන්ගේ පපු ප්‍රදේශයේ පිහිටල තියනව. මෙය වේගයෙන් vibrate වෙලා තමයි ශබ්දයක් ලෙස එළියට පිට වෙන්නෙ.

👉🏻ඒ නිසා ඔවුන්ගේ ශබ්දය ඉතාමත් තියුණු ලෙස ඇහෙන්න පුළුවන්.

📢 ඒ ශබ්දය කෙතරම් විශාල ද?

📌 80 decibels ඉක්මවන්න පුළුවන්

ඒ කියන්නේ vacuum cleaner එකක් වගේ හඩක්!

❓ එය අනතුරුදායකද?

RNZ විශේෂඥයින් කියන්නේ:

✅ නෑ — සාමාන්‍යයෙන් අනතුරුදායක නෑ.

Cicadas ජීවීන්

✔ සපා කෑමක් කරන්නෙ නැහැ
✔ දෂ්ට කරන්නෙ නැහැ
✔ මිනිසුන්ට attack කරන්නෙ නැහැ

ශබ්දය ටිකක් irritate වෙන්න පුළුවන්.නමුත් සාමාන්‍ය ජීවිතයේදී hearing damage වෙන තරම් අවදානමක් ඔවුන්ගෙන් නැහැ.

🦋 රසවත් Facts කිහිපයක්

✨ නවසීලන්තයේ cicada වර්ග 42කට වැඩි ගණනක් තියෙනවා.
✨ වැඩිහිටි cicadas ජීවත් වෙන්නේ සති කිහිපයක් පමණයි.
✨ ඔවුන්ගේ buzzing sound එක NZ summer එකේ iconic sound එකක් වෙලා.

🏡 ශබ්දය අමාරු නම් කරන්න පුළුවන් දේවල්

🔹 දොර ජනෙල් වහන්න
🔹 fan/AC භාවිතා කරන්න
🔹 පක්ෂීන් garden එකට ආකර්ෂණය කරගන්න (ඔවුන් cicadas ආහාරයට ගන්නවා!) 😳

ටිකක් සද්දෙයි තමයි. ඒත් ඉවසගෙන සොබාදහමට අවනත වෙලා ඉන්න. ඊට වඩා සද්ද පිරිමි අපි විදදරාගෙන ඉන්නවනෙ. 🤭

සද්ද ගැන කියන්න තියන දේ පහළින් කමෙන්ට් කරගෙන යන්න 😄

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *