← BACKPolitics

රැකියා නීති වෙනස් වෙයි – Union වෙතින් NZ First ට ප්‍රහාරයක්!

BY DhanushPUBLISHED FEBRUARY 22, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Employment Relations Amendment Bill නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අවසන් වශයෙන් සම්මත වීමත් සමඟ යුනියන් සහ NZ First පක්ෂය අතර උණුසුම් දේශපාලන ගැටුමක් මතුවී ඇත.

📜 මේ නව පනතේ අරමුණ මොකක්ද?

මෙම නව නීතියෙන් රැකියා ක්ෂේත්‍රයේ වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුකරයි:

👷‍♂️ කම්කරුවා “සේවකයෙක්” ද “කොන්ත්‍රාත්කාරයෙක්” ද යන්න තීරණය කිරීමේ නව නීති‍යක්.

⚖️ පුද්ගලික පැමිණිලි (personal grievances) ගොනු කිරීමේ නීති වෙනස්කිරීම්

📑 දින 30ක සාමුහික ගිවිසුම් නීතිය සම්බන්ධ සංශෝධන

👉 ආණ්ඩුව පවසන්නේ මෙය ව්‍යාපාරවලට පැහැදිලිභාවය සහ නීතිමය ස්ථාවරත්වය ලබාදෙන බවයි.

👉 නමුත් යුනියන් කියන්නේ මෙය කම්කරුවන්ගේ අයිතිවාසිකම් දුර්වල කරන පියවරක් බවයි.

🗣️ Winston Petersගේ ප්‍රකාශය

Winston Peters (NZ First නායක) පවසා තිබුණේ,

👉🏻“යුනියන් ඉක්මනින් අප සමග එකග උනේ නම්, මෙම නීතියේ කොටස් කිහිපයක් නවතා ගත හැකිව තිබුණා.”

ඔහුට අනුව, යුනියන් NZ First සමඟ සම්බන්ධ වීම ප්‍රමාද වී ඇති බව සදහන්.

✊ යුනියන් පක්ෂයෙන් දැඩි ප්‍රතිචාර

🏢 PSA (Public Service Association)

👉🏻ඔවුන් පවසන්නේ 2025 අගෝස්තු මාසයේ සිටම NZ First වෙත තමන්ගේ විරුද්ධත්වය දැනුම් දී ඇති බවයි.

👉🏻“NZ Firstට කාලය තිබුණා. නමුත් ඔවුන් ක්‍රියා කළේ නැහැ” යැයි PSA ප්‍රකාශ කළා.

👉🏻ඔවුන් මෙය “කම්කරුවන්ට විරුද්ධ තීරණයක්” ලෙස නම් කළා.

🚚 Workers First Union

👉🏻2024 සිටම NZ First සමඟ හමුවීම් පැවැත්වූ බව ඔවුන් කියයි.

👉🏻Uber වැනි gig economy සේවකයින්ට මෙම නීතිය අහිතකර බව අවධාරණය කළා.

👉🏻“අපගේ අනතුරු ඇඟවීම් නොසලකා හැරියා” යැයි ඔවුන් චෝදනා කරයි.

අදවන විට මෙය ආණ්ඩු සන්ධාන පක්ෂ අතරත්, කම්කරු සංවිධාන අතරත් ඇති ගැඹුරු දේශපාලන විවාදයක් බවට පත්වී ඇත.

මීළග මැතිවරණයේ මෙය උණුසුම් මාතෘකාවක් විය හැකියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *