← BACKPolitics

රාජකීය උරුම ලයිස්තුවෙන් ඇන්ඩ්‍රූ ඉවත් කිරීමට නවසීලන්තයේ සහාය!

BY DhanushPUBLISHED FEBRUARY 24, 20261 MIN READ0 COMMENTS

👑 “නීතියට ඉහළින් කිසිවෙක් නැහැ” – රජය පැහැදිලි කරයි

නවසීලන්ත රජය පැවසුවේ, Andrew Mountbatten-Windsor (පැරණි Prince Andrew) බ්‍රිතාන්‍ය රාජකීය උරුම අනුපිළිවෙළෙන් (Line of Succession) ඉවත් කිරීමට බ්‍රිතාන්‍යය නීතියක් ගෙන එනවා නම්, නවසීලන්තය එයට සහාය දීමට සූදානම් බවයි.

මෙම ප්‍රකාශය කර ඇත්තේ **Christopher Luxon** මහතාගේ ගේ කාර්යාලය විසිනි.

❗ මේ ගැන කතා වෙන්නේ ඇයි?

👉🏻Andrew Mountbatten-Windsor 2026 පෙබරවාරි 19 දා පොලිස් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

👉🏻ඔහුට එල්ල වී ඇත්තේ රාජකාරී සම්බන්ධ තොරතුරු අයථා ලෙස හෙළි කළ බවට සැකයක්.

👉🏻මේ සිද්ධියෙන් පසු ඔහුට අනාගතයේදී රාජසභාවට උරුම වීම වැළැක්විය යුතුයි කියන ඉල්ලීම් නැවත උඩට එනවා.

👉 ඔහු සිය රාජකීය ගෞරව පදවි (Prince, Duke) කලින් අහිමි කරගෙන තිබුණත්, තවමත් උරුම අනුපිළිවෙළේ 8 වන ස්ථානයේ සිටිනවා.

🏛️ ඉවත් කිරීම ලේසිද?

‼️නැහැ.

👉🏻Andrewව උරුම අනුපිළිවෙළෙන් ඉවත් කිරීමට:

🇬🇧 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නව නීතියක් සම්මත විය යුතුයි.

🌍 බ්‍රිතාන්‍ය රජු රාජ්‍ය නායකයා වන Commonwealth රාජ්‍ය 15ම එකඟ විය යුතුයි (නවසීලන්තය ඇතුළුව).

ඒ කියන්නේ, මෙය සාමාන්‍ය තීරණයක් නොව ආණ්ඩු හා රටවල් ගණනාවක් සම්බන්ධ වන විශාල ව්‍යවස්ථාමය ක්‍රියාවලියක්.

🗣️ නවසීලන්ත රජයේ ස්ථාවරය

👨‍⚖️“නීතියට ඉහළින් කිසිවෙක් නැහැ” යන මතය රජය පැහැදිලි කරයි.

🇳🇿පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු, UK රජය නීතියක් ගෙන එනවා නම්, නවසීලන්තය එයට සහාය දෙන බව සඳහන් කරයි.

👉🏻මෙය ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර ඇති ස්ථාවරයටත් සමානයි.

බලය නැත්තෝ වගේම ඇත්තෝ වෙනුවෙනුත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක වීම රාජ්‍යක පැවතිය යුතු සුවිශේෂී ක්‍රියාවලියක්. නවසීලන්තය වැනි රටක් එවැනි මතයක් දැරීම තවත් සතුටට කාරණයක්.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *