← BACKEnvironment

“හැමදාමත් වෙරළට එන්න එපා කියලා කියන්න බෑ!” – වෙලින්ග්ටන් නගරාධිපතිගේ දැඩි ප්‍රකාශය.

BY Dhanush•PUBLISHED FEBRUARY 24, 2026•1 MIN READ•0 COMMENTS

🚨 අපවිත්‍ර ජල කාන්දුවෙන් පසු වෙරළවල් ගැන නව තීරණයක්.

💁🏻‍♂️Andrew Little, Wellington නගරාධිපතිවරයා පවසන්නේ, “මිනිස්සුන්ට දිගින් දිගටම වෙරළට නොයන්න කියලා ඉල්ලීම් කරන්න බැහැ” යනුවෙනුයි.

⚠️මෙය ප්‍රකාශ වන්නේ, මෑතකදී සිදු වූ විශාල කුණු (sewage) කාන්දුවක් හේතුවෙන් වෙරළවල් වසා දැමූ තත්ත්වය පිළිබඳවය.

🏭 සිද්ධිය මොකක්ද?

👉🏻Moa Point Wastewater Treatment Plant හි බරපතල අක්‍රමිකතාවයක් හේතුවෙන් මිලියන ගණනක අපිරිසිදු ජලය මුහුදට එක් විය.

👉🏻එය වෙලින්ග්ටන් දකුණු වෙරළ ප්‍රදේශයට දැඩි ලෙස බලපා තිබුණි.

👇🏻ඒ හේතුවෙන්:

❌ පිහිනීම

❌ සර්ෆින්

❌ මසුන් ඇල්ලීම

❌ මුහුදු ආහාර එකතු කිරීම

❌ බල්ලන් සමඟ වෙරළේ ඇවිදීම

වැනි ක්‍රියා වලට අවවාද සහ restrictions (තාවකාලික තහනම්) පැනවිය.

🧪 දැන් තත්ත්වය වෙනස්ද?

👉🏻සති තුනකට ආසන්න කාලයක් ජල පරීක්ෂණ සිදු කළ පසු,

👉🏻බොහෝ ජනප්‍රිය වෙරළවල දූෂණය අඩුවී හෝ තවදුරටත් නොමැති බව හෙළිව ඇත.

උදාහරණ ලෙස:

🏖️ Lyall Bay

🏖️ Island Bay

🏖️ Ōwhiro Bay

මෙවැනි ස්ථාන වල අවදානම දැන් අඩු බව කියයි.

🗣️ නගරාධිපතිගේ නව ස්ථාවරය

👉 “සියලු වෙරළවල්ම වසා තැබීම වෙනුවට,

ජනතාවට දිනපතා පරීක්ෂණ ප්‍රතිඵල ලබාදී,

ඔවුන්ටම තීරණය ගැනීමට අවස්ථාව දෙමු” යන අදහසයි.

👉 අවදානම තවම පවතින්නේ ජලය මුහුදට මුදාහරින නලය ආසන්න ප්‍රදේශවල පමණක් බව සඳහන් වේ.

🌱 පරිසර හා iwi මතය

⚠️දේශීය iwi නායකයන් පවසන්නේ,

“සෞඛ්‍ය අවදානම අඩුවුණත්, මුහුදු පරිසරයට සිදුවූ හානිය අප අමතක නොකළ යුතුයි” යන්නයි.

මෙය සෞඛ්‍යය, පරිසරය සහ ආර්ථිකය යන සාධක තුනම සම්බන්ධ වූ ගැටළුවකි.

දත්ත හරහා නිවැරදි තීරණ ගනිමින්, වෙරළවල් නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමයි දැන් තියන අභියෝගය.

ඔබත් අවදානම් ප්‍රදේශවල ජීවත්වන අයෙක් නම් මේ ගැන සැලකිලිමත් වන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *